Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st September 2018 22:38:26 Hours

පාකිස්තානු යුද්ධ හමුදාවේ පාබල නිලධාරින් කිහිපදෙනෙකු යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

පාකිස්තානු යුද්ධ හමුදාවේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අබිඩ් රෆික් (Major General Abid Rafique) ඇතුළු පාකිස්තානු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හතර දෙනෙකු සෙනසුරාදා (01) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ ආරාධනයකට අනුව පකිස්තානු යුද්ධ හමුදා නියෝජිත පිරිස යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අතර එහිදි පාබල හමුදාවන්හි දැනුම හා අත්දැකීම් පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත්හ.

තවද ද්වීපාර්ශවිය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කල අතර මෙම සුහද හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම නියෝජිත පිරිස සෙනසුරාදා (31) දින දිවයිනට පැමිණියහ.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහ යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන එක්ව සිටියහ. Running Sneakers | Nike Air Max