Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st August 2018 16:30:35 Hours

8 වන කොළඹ ආරක්ෂක සමුළුව - 2018 උත්සවාකාරයෙන් ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයෙන් ලෝකය පුරා සිටින විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් 8 වන වරටත් පවත්වනු ලබන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2018’ අද (30) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සපැමිණි අතර, මෙම සමුළුවේ ආරම්භක සැසිවාරයට ප්‍රථයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිකමය විවිධත්වය විදහා දක්වමින් සෞන්දර්යාත්මක අංගයක් ද ඉදිරිපත් කරන ලදි.

සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමන්, ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා, ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු විශේෂ ආරාධිතයින් කිහිපදෙනෙකු එක්ව සිටියහ. මෙහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ සේනානායක විසින් පිළිගැනීමේ කථාව සිදුකල අතර ආරක්‍ෂක ලේකම්තුමන් විසින් හඳුන්වාදීමේ දේශනය සිදු කළහ.

එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිතයින් උණුසුම් අයුරින් පිළිගත් අතර, ලෝකය පුරා සිටින සියලුම ජාතීන් අතර ආරක්‍ෂාව සහ ඒ හා සබැඳි අභියෝග පිළිබඳ දැනුම පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදි.

“මෙම පුළුල් කතිකාවත මඟින් ආරක්‍ෂාව පිළිබඳ විෂය පථය සහ එහි අභියෝග පිළිබඳව අවධානය යොමු කරයි. මෙහිදි එල්ලවන තර්ජනයන් සහ බාධාවන් විශ්ලේෂණය කරනු ලැබේ. ඕනෑම රටක හදිසි අවස්ථාවන් සඳහා සන්නද්ධ හමුදාවන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනු ලබයි. මෙම සම්මන්ත්‍රණයේ දී ආරක්‍ෂක ගැටළු පිළිබඳ සාකච්ඡා කළ හැකි වේදිකාවක් නිර්මාණය කෙරේ” යනුවෙන් පවසමින් යුද්ධ හමුදාධිපතිතුමා සිය පිළිගැනීමේ කථාව සිදු කළහ.

අඛණ්ඩව 8 වන වරටත් පවත්වනු ලබන ‘කොළඹ ආරක්‍ෂක සමුළුවේ විශීෂ්ඨත්වය ප්‍රශංසාවට ලක් කල ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා වේගයෙන් වෙනස්වන ලෝකයේ මානව සංහතියේ පැවැත්මට සෘජුවම බලපාන තීරණාත්මක ගෝලීය ගැටළු සඳහා සෑමවිටම අවදියෙන් සිටිය යුතු බව පැවසීය.

තවද එදිනෙදි ජිවිතයේදී බොහෝ සමාජිය ප්‍රශ්න සහ ගැටළුකාරී තත්ත්වයන් අසන්නට ලැබෙන අතර ඉන් බොහෝමයක් මානව සංහතියේ පැවැත්මට ඍජූවම බලපෑම් කරනු ලබයි. එම තත්ත්වයන් ඇතැම්විට රාජ්‍ය නොවන ක්‍රියාකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා බලපාන අතර එම ගැටළු විසදීම සඳහා සම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ග මෙන්ම ඇතැම් විට තම සීමාවන් ඉක්මවා යමින් ජාත්‍යන්තර සහයෝගය සහ දැනුම ද අවශ්‍ය වනු ඇත. සීඝ්‍රයෙන් වෙනස්වන අභියෝගාත්මක පරිසරයක් තුල භූ දේශපාලනික තත්ත්වයන් ද දක්නට ලැබෙන බවත් ආරක්‍ෂාව සඳහා ක්‍රියාත්මකවීමේදී විවිධ පරාසයන් ඔස්සේ විසඳුම් සෙවීමට ක්‍රියාකල යුතුව ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

කොළඹ ආරක්‍ෂක සමුළුව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩයේ විඩියෝ පටයක් විකාශය වූ අතර එහිදි අතිගරු ජනාධිපතිතුමන් කොළඹ ආරක්‍ෂක සමුළුව - 2018 සාර්ථකව පැවැත්වීමටත් මේ සඳහා පැමිණ සිටින සියලුදෙනා වෙතත් සුභාෂිංශන එක්කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනාවට අනුව රුවන්ඩාවේ ආරක්‍ෂ අමාත්‍යතුමන්, ජෙනරාල් ජෙම්ස් කැබ්රෙබේ (General James Kabarebe), තානාපතිවරු, රාජ්‍යතාන්ත්‍රිකයින්, විදේශීය තානාපතිවරුන්, අණ්ඩුකාරවරුන්, විශ්‍රාමික යුද්ධ හමුදා ප්‍රධානීන්, ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආරක්‍ෂාව සබැඳි පාර්ශවකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමින් මෙවැනි අන්තර්ක්‍රියාකාරී සැසියන් තුලින් බුද්ධිමය සංවාද ගොඩනැගිය යුතු බවත් ඒවා ඔස්සේ ගෝලීය ආරක්‍ෂාව සම්බන්ධ ගැටළු බෝහෝමයක් අනාවරණය වන බවත් පැවසීය. Sports Shoes | Air Jordan