Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2018 16:59:25 Hours

හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් රෝහාන් දළුවත්ත හමුදා ගෞරවාචාර මධ්‍යයේ දැයෙන් සමුගනි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබු හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් රෝහාන් දළුවත්ත හමුදා ගෞරවාචාර මධ්‍යයේ දැයෙන් සමුගත් අතර අවසන් කටයුතු බදාදා (29) දින සන්ධ්‍යාවේදි බොරැල්ල පොදු සුසාන භුමියේදී සිදුකෙරිණි.

පුර්ණ හමුදා ගෞරව මධ්‍යයේ සිදුවු අවමංගල්‍ය උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ විශ්‍රාමික හිටපු හමුදාධිපතිවරුන් සහ දැනට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වුහ.

නාරාහේන්පිට මංසන්ධියේ සිට බොරැල්ල පොදු සුසාන භුමිය තෙක් හමුදා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුලව දේහය රැගෙන ගිය අතර දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර සුසාන භුමිය වෙත පැමිණිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් නිතුත් කරන ලද විශේෂ පළවෙනි කොටසේ නියෝගය ප්‍රකාශයට පත්කරන ලදී.

අභවප්‍රාප්ත හිටපු හමුදාධිපති ජෙනරාල් රෝහාන් දළුවත්ත අයත් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ නිලධාරියෙකු විසින් මෙම විශේෂ පළවෙනි කොටසේ නියෝගය කියවන ලද අතර එම අවස්ථාවට ප්‍රථමයෙන් හමුදා භට පිරිස් හි ආචාරය සහ හමුදා නිලධාරියෙකු වෙත පිදිය හැකි ඉහලම ආචාරය ලෙස කාලතුවක්කු ආචාර වෙඩිමුර 21 ක් ද මෙහිදි පිරිනමන ලදී.

අනතුරුව හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන හමුදා බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු බියුගල් නාදයත් සමඟින් හිටපු හමුදාධිපති ජෙනරාල් රෝහාන් දළුවත්ත දැයෙන් නික්ම යන ලදී. Asics footwear | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov