Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2018 17:04:25 Hours

ස්වභාවික විපත්වලින් බොහෝ බලපෑම් ඇති දකුණු ආසියානු කලාපය

ඇමරිකා එක්සත් ජනපදය ආපදා කළමනාකරණ සහ මානුෂීය ආධාරවල විශීෂ්ටතා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෝසෆ් ඩී. මාර්ටින් මහතා (Mr Joseph D. Martin) විසින් ‘යුධෝපායන් ප්‍රතිව්‍යූහගතකරණය සහ සන්නද්ධ හමුදාවන්හි කාර්යභාර්ය’ (ගෝලීය උපාය මාර්ග) යන මාතෘකාව ඔස්සේ කොළඹ ආරක්‍ෂක සමුළුව - 2018 හි පළමු දිනයේ අවසන් සැසිය අමතමින් ආපදා අවස්ථාවන්හිදී මූදවාගැනීමේ මෙහෙයුම් සෑමවිටම වඩා හොඳ සම්බන්ධීකරණයක් ඇතිව සිදු කළ යුතු බවත් එම උත්සාහයන් සඳහා දැඩි සංවිධානාත්මක ශක්තියක් අවශ්‍ය බවත් පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් වඩාත්ම අවදානමක් සහිත කලාපය වන ඉන්දු-පැසිෆික් කලාපයේ ස්වාභාවික විපත් පිළිබඳව දිර්ඝ වශයෙන් පැහැදිලි කළ එතුමන්, 2015 දී ස්වභාවික ව්‍යසනයන්ගෙන් 47% ක් මෙම කලාපයේ සිදුවි ඇති බවත් පසුගිය සියවසේ ස්වභාවික ව්‍යසන නිසා ලෝකයේ මරණ සංඛ්‍යවෙන් 91% ක් සිදු වී ඇති බවත්, ස්වාභාවික ආපදාවන් හේතුවෙන් මිලියන 24.2 ක් අවතැන්වී ඇති බවත්, ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධාන රටවල් 10 අතුරින් රටවල් 08 ක් මහා පරිමාණ ව්‍යසනයන් සඳහා මුහුණදෙන බවත් එතුමන් පවසන ලදි. Sports Shoes | Nike Running