Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2018 17:03:25 Hours

ජාතික ආපදා හමුවේ ප්‍රමුඛත්වයක් ගැන ප්‍රතිචාර දැක්වීමට සන්නද්ධ හමුදාවන් නිරන්තරයෙන් ප්‍රමුඛත්වයගෙන ක්‍රියාකරන බව - ප්‍රවීණ මාධ්‍යවේදී මෙන්ම විශ්ලේෂක පෙන්වාදෙයි

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විශ්ලේෂක, කර්තෘ සහ මාධ්‍ය ව්‍යවසායක නිටීන් ඒ. ගොක්හලේ මහතා (Mr. Nitin A Gokhale) විසින් ‘මානව සමාජිය වෙනස්කම්’ තේමාව යටතේ තෙවන සැසිය අමතමින්, ජාතික ආපදා හමුවේ ප්‍රමුඛත්වයක් ගැන ප්‍රතිචාර දක්වීමට සන්නද්ධ හමුදාවන් නිරන්තරයෙන් ප්‍රමුඛත්වයගෙන ක්‍රියාකරන බව පෙන්වාදෙමින් ජාතික ආපදා හෝ ස්වාභාවික ව්‍යසනයකට ප්‍රථමයෙන් ප්‍රතිචාර දැක්වූවන් ලෙස විපතට පත්වූවන්ට ආධාර කිරීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කිරීම පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඇතුළු කලාපයේ හමුදා භූමිකාවන් ප්‍රශංසාවට ලක් කළහ.

මෙම තෙවන සැසිය යුද්ධ හමුදාධිපතිතුමාගේ ආරාධනයෙන් සපැමිණි ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් බික්‍රම් සිං (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දියාවේ උතුරු නැගෙනහිර ජීවත් වූ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු එම අත්දැකීම් සමුදායක් ලබාගත් බවත් දකුණු සහ ගිනිකොණදිග ආසියාව විශාල ස්වාභාවික බාධාවන්ට හේතු වී ඇති බවත්, සිවිල් ආයතන සඳහා එම ආපදාවන් කළමණාකරනය කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් පුහුණුවක් තවමත් නොලැබී ඇති බවත් පැවසීය.

සෑම විටම ඉන්දිය, චීන, කාම්බෝජ සන්නද්ධ හමුදාවන් නිරන්තරයෙන්ම ආපදා කළමණාකරනය සඳහා පෙරමුණගෙන ක්‍රියාකරනු ලබන බවත් විශේෂයෙන්ම ඔවුන් සිවිල් සමාජයේ අවශ්‍යතාවන් හඳුනාගනිමින් ව්‍යසන අවස්ථාවන්හිදි ආහාර, වෛද්‍ය හා නවාතැන් පහසුකම් සපයමින් අවතැන්වූවන් මුදාගැනීමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම් කටයුතු සඳහා ඍජූවම දායකවන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය. Running Sneakers Store | FASHION NEWS