Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2018 14:49:40 Hours

“ජාත්‍යන්තර මානුෂීයවාදී නීතිය පිළිගනු ලැබුවා වුවද ගැටුම් හමුවේ අවතැන්වීම් සිදුවන බව” - ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නියෝජිතයෙකු පවසයි

කොළඹ ආරක්ෂක සමුළුවේ පළමු සැසිවාරයේ දෙවන කතිකාවත ‘භුගෝලීය වෙනස්වීම් සහ ආරක්ෂාව සඳහා එහි ඇති බලපෑම්’ තේමාව යටතේ පැවැති අතර එහිදි ස්විස්ටර්ලන්තයේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ ජාත්‍යන්තර නීති සහ ප්‍රතිපත්ති නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊවා ස්වොබෝදා මහත්මිය (Ms Eva Svoboda) අදහස් දක්වමින් ගැටුමක දී ජාත්‍යන්තර මානුෂීයවාදී නීතියට ගරු කරනු ලැබුවා වුවද අවතැන්වීම සම්බන්ධ නීතිමය හා ප්‍රතිපත්ති රාමුව සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ යැයි පවසා සිටියහ.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍යයන් තුල සිදුවන පුද්ගල අවතැන්වීම් අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මානුෂීයවාදි සංවිධාන සහ සංවර්ධන ක්‍රියාකාරින්ගේ සහය ඇතිව විසදිම සඳහා ක්‍රියාමාර්ග ගතයුතු බවත් 2017 වර්ෂයේ අභ්‍යන්තර විස්ථාපන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ වාර්තාවන්ට අනුව මිලියන 40 ක් අභ්‍යන්තරව අවතැන්වී ඇති බවද පැවසීය.

2017 වර්ෂයේ තවත් මිලියන 19 ක් ජනතාවක් හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් අවතැන්වී ඇති බවත් ඉන් 135,000 ක ජනතාවක් ශ්‍රි ලංකාවෙන් වාර්තාවන බවත් තවද ඔවුන් තාවකාලික වශයෙන් අවතැන්වීම් වලට ලක්වූ පිරිසක්වන බවත් පැවසීය.Sports Shoes | Air Jordan