Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2018 18:23:09 Hours

“තාක්ෂණිකරනය වූ නව මාධ්‍ය, ගෝලීය විනාශකාරී බලවේගයක් බවට පත්වෙමින් පවති” අග්‍රාමාත්‍ය තුමන් පවසයි

‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2018’ බ්‍රහස්පතින්දා (30) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අග්‍රාමත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රධාන දේශනය සිදුකරමින් ආරක්‍ෂක තර්ජනයන් පිළිබඳ අංශ ගණනාවක් ඔස්සේ දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමින් ආරක්‍ෂක අභීයෝගයන් ජය ගැනීමට අවස්ථාව උදාවන බව අවධාරණය කළහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය තුමන් “සෑම විටම, ආරක්‍ෂාව අතිශයින්ම වැදගත් වන අතර අනෙක් අවශ්‍යතාවයන්ට දෙවැනිව සිටිය නොහැකි බවත් මෙම නව ගැටළු ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ඇති කරන බවත් එබැවින් ආරක්‍ෂක අංශ සමඟ වැඩ කිරීමට සිවිල් ආයතනයන්හි සහයෝගය අවශ්‍ය වනු බවත් සිවිල් සමාජය හා සන්නද්ධ හමුදාවන් අතර දැනුම හුවමාරුවන නව යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතුව ඇති බවත් පුහුණුව සහ දැනුම තුළින් බුද්ධිමය තොරතුරු හුවමාරු කරගතයුතු බවත්” පැවසීය.

ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කරගැනීමෙන් පසු සන්නද්ධ හමුදාවන්හි කාර්යභාරය තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර වශයෙන් ආරක්‍ෂිත ප්‍රජාවක් නිර්මාණය කිරීමහෙලා ඇපකැපවිය යුතු බවත් අග්‍රාමාත්‍ය තුමන් තවදුරටත් පැවසීය.

තවද අග්‍රාමාත්‍ය තුමන් “යුද්ධයේ ක්‍රියාකාරීත්වයන් අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවීම හේතුවෙන් පරිගණක තාක්‍ෂණය ඔස්සේ කෘතීම බුද්ධිය වර්ධනයවීමත් සමඟ වාණිජමය වශයෙන් විවිධ කෂේත්‍රයන් ඔස්සේ කැපීපෙනේන ක්‍රියාකාරකම් සිදුවන බවත් ඒවා රටේහි ආරක්‍ෂක තත්ත්වයන් සඳහා බලපෑම් සිදුකරන බවත් පැවසීය.

සාම්ප්‍රදායික නොවන තර්ජනවල තවත් ප්‍රභවයක් ලෙස සමාජ මාධ්‍ය ජාලා ඇතුළු නව තාක්ෂණය යොදාගැනීම මෙන්ම ෆේස්බුක්, ට්විටර් සහ අනෙකුත් අන්තර්ජාල වෙබ් අඩවි වැනි සමාජ මාධ්‍ය ජාලා ඇතුළු නව මාධ්‍ය ජාලා ද ගෝලීය ආරක්‍ෂාවට තර්ජනයක්වන කඩාකප්පල්කාරී ප්‍රභවයන් බවට පත් වෙමින් පවතින බවත් ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව යන රටවල සිදුවන සීඝ්‍ර වෙනස්වීම්වලටත් මෙම නව මාධ්‍ය ජාලා විභවතාවන් බලපා ඇති බව දැකිය හැකි බවත් අගමැතිවරයා මෙහිදි පෙන්වාදුන්හ.

Nike Sneakers | Gifts for Runners