Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2018 17:01:25 Hours

මොණරාගල ‘2025 දැක්ම’ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශණය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වේ

“2025 දැක්ම” යන මැයෙන් ග්‍රාමීය ව්‍යවසායකයන්ගේ ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීම සහ ඔවුන්ට මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ඉලක්ක කර ගනිමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන කරනු ලැබූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොණරාගල නගරය කේන්ද්‍ර කරගනිමින් බදාදා (29) දින ආරම්භ කරන ලද අතර එය අගෝස්තු මස 31 වන දින දක්වා පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය මඟින් නව වාණිජ ව්‍යාපාර සඳහා ආයෝජනයට උනන්දු වන අය වෙත ණය පහසුකම් සපයනු ලබන අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ නිර්මාණශීලී ව්‍යවසායකයින්ගේ සහභාගීත්වය ඇතිව 2025 වර්ෂයේදී ශ්‍රී ලංකාව නව ආර්ථික පුනර්ජීවයක් කරා රැගෙනයාමට ද මෙය ඉවහල් වනු ඇත.

ප්‍රදර්ශණයේ සංවිධායක මණ්ඩලයේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මේ සඳහා විශාල සහයෝගයක් ලබාදුන් අතර, කමාන්ඩෝ රෙජිමේන්තු සහ විශේෂ බලකා භට පිරිස් විසින් යුද මෙහෙයුම් සංදර්ශණ, නාගරික මුදවාගැනීමේ මෙහෙයුම්, නායකත්ව පුහුණු සැසි, සංග්‍රාමික සටන්ක්‍රම වැනි සංදර්ශණයන් ද දෙදිනක් පූරා පැවති මෙම ප්‍රදර්ශණයේ දී ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංහිදියාව සහ දේශය ගොඩනැංවීම සඳහා සිදුකරනු ලබන ජාතික ව්‍යාපෘති සහ වැඩසටහන් හි ඡායාරූප එකතුවක් ද මෙම ප්‍රදර්ශණ භුමීයේ දී මහජනතාවගේ ප්‍රදර්ශණය සඳහා එක්කර තිබුණි.

බදාදා (29) දින පැවති මෙම ප්‍රදර්ශණය මහජනතාව වෙත විවෘත කිරිමේ අවස්ථාව සඳහා ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඇතුළු අමාත්‍යවරුන්, අනෙකුත් ආරාධිතයින් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. මෙම ප්‍රදර්ශනයේ දී එහිදි යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශණය කරමින් පැමිණි සිටි අමුත්තන් සහ ප්‍රේක්‍ෂක පිරිස් හි ආකර්ශණය හා අවධානය දිනා ගන්නා ලදී.

මෙම ප්‍රදර්ශණ භුමියෙන් නික්මයාමට ප්‍රථම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් විශේෂ බලකා සහ කොමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් සමගින් සුහද පිළිසදරක ද නිරත විය.

buy shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals