Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2018 01:20:11 Hours

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී තුරඟ තරඟයක්

ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබු තුරඟ තරගාවලිය දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පෝලෝ ක්‍රීඩාංගනයේ දී ඉරිදා (26) දින පැවති අතර ඒ සඳහා විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සහභාගිවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ අශ්වාරෝහක සැණකෙලිය 2018 සඳහා ශ්‍රී යුද්ධ හමුදාවේ අශ්වයින් ද සහභාගිවු අතර, මෙම තරඟාවලිය Show Jumping, Tent Pegging, Barrel Racing සහ Enter Driving යන ඉසව් 4 යටතේ පැවති අතර එ් සඳහා විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ද හිමිවිය.

ශ්‍රී ලංකාව තුල අශ්වාරෝහකයින්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර මෙවැනි තුරඟ තරග පවත්වා අශ්වාරෝහකයින්ට මෙවැනි තරඟාවලින් සඳහා සහභාගිවීමට වැඩි අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමය අපේක්‍ෂා කරයි.

මෙම සැණකෙලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමයේ සභාපති සුජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වු අතර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් මේ සඳහා සහභාගි වූහ.

මෙම අශ්වාරෝහක තරගයන් පුරාතන යුදමය අශ්වාරෝහක සටන් පුහුණු ක්‍රම ඇසුරින් පවත්වනු ලබන අතර ඒ තුලින් මෙම තුරඟයින් හට යුධ භුමියේදී මෙන්ම වෙනත් ස්ථානයන්හි ද හැසිරවිමේ ස්වාභාවය පිළිබද අවබෝධයක් ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ අශ්වාරෝහක සැණකෙලිය - 2018 තුලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ශ්‍රී ලංකාව තුළ මෙම අශ්වාරෝහක ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාම සඳහා ඇති කැපවීම සහ උත්සාහය ප්‍රදර්ශනය කර තිබේ.

දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ යුද්ධ හමුදා අශ්වාරෝහකයින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පවත්වන ලද මෙම අශ්වාරෝහක තරඟාවලිය සඳහා ඔවුන්ගේ තුරඟයින් Show Jumping වැනි විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ඉදිරිපත් කිරිම තුලින් යුදමය අශ්වාරෝහක සටන් පුහුණු ක්‍රම ඇසුරින් අශ්වාරෝහක පුහුණුවක් ලබාදෙනු ලබයි. affiliate link trace | balerínky