Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2018 14:03:06 Hours

“විද්‍යා ප්‍රබන්ධ, ජෛවමිතික ස්කෑනර්ස් හෝ දේශසීමා සංක්‍රමණයවීමේ අභියෝගයන් විසඳීමට නොහැකිවනු ඇතැයි”නාවික පශ්චාත් උපාධි විද්‍යාලයේ කථිකාචාරයවරිය පවසයි

‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2018‘ හී සැසිවාරය හිටපු විදේශීය ලේකම් එච්.එම්.ජි.එස්. පලිහක්කාර ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ, මොන්ටිරෝ (Monterey) හී පිහිටි නාවික පශ්චාත් උපාධි විද්‍යාලයේ ගෘහස්ථ ආරක්‍ෂක ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය මහාචාර්ය කැරොලින් හලඩේ මහත්මිය (Dr (Ms) Carolyn Halladay) පවසන ආකාරයට විද්‍යා ප්‍රබන්ධ, ජෛවමිතික ස්කෑනර්ස් හෝ දේශසීමා සංක්‍රමණ වීමේ අභියෝගයන් විසඳීමට නොහැකිවනු ඇති නමුත් එවා මානුෂීය ප්‍රතිලාභයක් සේ සලකා ක්‍රියා කලයුතු බව තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හී මාගේ ශීෂ්‍ය නිලධාරින් බොහෝමයක් සේවයේ නියුතු අතර විශේෂයෙන්ම මා ඔවුන්ව මේ අවස්ථවේ පිළිගැනීමට කැමැත්තෙමී. අධ්‍යාපනික වශයෙන් වැදගත්වන බුද්ධිමය සංවාදයක් තුලින් රටෙහි සංවර්ධනයට මෙන්ම ඔබ සියලුදෙනා සිදු කරනු ලබන සේවාවන්ට අවශ්‍ය දැනුම මේ තුලින් ලැබෙනු ඇතැයි ද මා විශ්වාස කරමි.

“ලෝකයේ ජිවත්වන ජනතාව විශාල වශයෙන්ම තම රටින් සංක්‍රණයවීමට බොහෝ හේතුන් බලපාන අතර විශේෂයෙන්ම රාජ්‍ය අංශයට සහ සන්නද්ධ හමුදාවන්ට, සිවිල් සමාජයේ පුරවැසියන්ට ළමුන්ට මෙන්ම පොදුවේ සියළුම පුද්ගලයින්ට මව්බිමේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තර්ජන විවිධ මට්ටමින් එල්ලවනු දැකිය හැකි බවට” ද එතුමිය මෙහිදි පැවසීය.

තවද ආපදා කළමණාකරනය ආදී අවස්ථාවන්ට ආරක්‍ෂක අංශයන් ප්‍රතිචාර දැක්වීමේ සිවිල් සමාජයේ පිරිස් හා කටයුතු කිරීමේදී සංක්‍රමණික පිරිස්හි හැසිරීම් ආරක්‍ෂක අංශයන් මෙන්ම බොහෝ සංවිධාන සඳහා ගැටළුකාරී අවස්ථාවන් පැණනගිනු දැකිය හැකි බවද වැඩිදුරටත් පැවසිය. Nike sneakers | NIKE RUNNING SALE