Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2018 20:59:41 Hours

ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කාර්යමණ්ඩලයේ ප්‍රධානී මේජර් ජෙනරාල් එස්.සී. මොහන්තී ඒ.වී.එස්.එම් ඇතුළු ඉන්දිය ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ හමුදා නිලධාරින් 14 දෙනෙකු ඉරිදා (26) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණි අතර ඔවුන් සඳුදා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම නියෝජිත පිරිස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අගෝස්තු මස 30 වන දින පැවැත්වීමට නියමිත ‘කොළඹ ආරක්‍ෂක සමුළුව -2018’ සඳහා සහභාගිවීමට නියමිතය. මෙම සුහද හමුවේදී, නියෝජිත පිරිසේ අධ්‍යයන කටයුතු පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ අදහස් හුවමාරු කරගත්හ.

අනතුරුව, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන වැඩසටහන් පිළිබඳව සහ වර්තමාන කාර්යභාර්යන් සහ වගකීම පිළිබඳවත් නියෝජිත පිරිස දැනුවත් කළහ.

දිවයිනට පැමිණි මෙම නියෝජිත පිරිස ගුවන් තොටුපලේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳි සිටින කාලය තුල ආරක්‍ෂක අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, ගුවන් හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි ප්‍රධානීන් සහ නැගෙනහිර නාවික ප්‍රදේශයේ ආඥාපති හමුවීමට නියමිතය.

සංචාරය අතරතුරදී නියෝජිත පිරිස රටෙහි පවතින ආර්ථික තත්ත්වය, ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා, යුධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රියාන්විත හා වත්මන් තත්ත්වය, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග සහ එහි මානුෂිය මෙහෙයුම් යන කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් අධ්‍යයනය කිරීමට නියමිතය. මෙම නියෝජිත පිරිසට ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපදේශක නිලධාරින් සහ ශීෂ්‍ය නිලධාරින් ඇතුලත් වේ. Adidas shoes | Air Jordan