Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2018 14:30:00 Hours

යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ පැවැති සුහද හමුව සඳහා යුද්ධ හමුදාධිපතිතුමා සහභාගි වේ

යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ වාර්ෂික සුහද හමුව බදාදා (22) දින මත්තේගොඩ, සැපර්ස් ලේෂර් බේ හිදී පැවැත් වූ අතර, මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ විසින් කරන ලද ආරාධනයකට අනුව එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

එහිදි, විනෝද ක්‍රීඩා රැසක් පැවති අතර, ඒ අතරින් කිහිපයකට සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමා පැමිණ සිටි පිරිස සමඟින් විනෝද වූ අතර එසේම, ඔවුන් සමඟින් දිවා ආහාරය ලබාගත් යුද්ධ හමුදාධිපතිතුමා සමූහ ඡායාරූපයකට ද පෙනිසිටියහ.

එම වාර්ෂික සුහද හමුවේ අවසන් අංගය ලෙස යුද්ධ හමුදාධිපතිතුමා විසින් පැමිණ සිටි පවුල්වල කුඩා ළමුන් සහ තරඟ ඉසව්වල ජයග්‍රහකයින් සඳහා ත්‍යාග ද පිරිනමනු ලැබීය.trace affiliate link | Air Jordan