Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2018 14:12:00 Hours

‘නැඳුන්ගමුවේ රාජා’ සඳහා සිංහ රෙජිමේන්තු භට පිරිස් හි ආරක්‍ෂාව

නුවර ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතුන් වහන්සේ පුරා දින 07 ක් වැඩමවන ‘නැඳුන්ගමුවේ රාජා’ හස්තිරාජයා සඳහා ඉහළම සැලකිල්ලක් මෙන්ම සෙනෙහසක් දක්වමින් සඳුදා (20) දින සිට 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ආරක්‍ෂාව සපයනු ලබයි.

භට පිරිස් විසින් ‘නැඳුන්ගමුවේ රාජා’ හස්තිරාජයා පූජා භූමිය තුලදී දළදා මාළිගාවේ ලේකම් ජයම්පති වැද්දාගල මහතා වෙත භාරදෙන ලදී. වර්තමානයේ ජාතික වටිනා සම්පතක් වන මෙම හස්ති රාජයා 12 වන වරටත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් විදිසංචාරය කිරීමට නියමිතය.

සත්ව කරුණාව දැක්විම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් විසින් හස්තිරාජයාට ආරක්‍ෂාව සැපයීමේ කටයුතු සංවිධානය කරනු ලැබීය. මහනුවර දළදා මාළිගාවේ පෙරහැර සංවිධායක කමිටුව විසින් ‘නැඳුන්ගමුවේ රාජා’ සඳහා ආරක්‍ෂාව සපයමින් මාර්ගයන්හි ගමන් ගන්නා යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සිය කෘතඥතාව පුද කළහ. තවද මෙම උත්සවය අවසාන වූ පසු නැඳුන්ගමුව දක්වා නැවත ගමන් කිරීමට ද ‘නැඳුන්ගමුවේ රාජා’ හස්තිරාජයා සඳහා ආරක්‍ෂාව ලබාදීමට නියමිතය. Buy Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%