Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2018 13:12:00 Hours

යුද්ධ හමුදාව විසින් යාපනයේ අඩුආදායම්ලාභී පවුල් දෙකක් සඳහා නව නිවාස ඉදිකරයි

කයිට්ස්, කරප්පන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් දෙකක් සඳහා ‘දහම් පහණ’ පදනමේ සහෝදර චාර්ල්ස් තෝමස් ඇතුළු සාමාජිකයින්ගේ අනුග්‍රාහය ඇතිව යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නව නිවාස දෙකක් බදාදා (22) දින පැවති උත්සවයක දී එම නිවාසලාභීන් වෙත ලබාදෙන ලදි.

ආගමික පූජකවරුන්, සහෝදර චාර්ල්ස් තෝමස්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, ප්‍රජා නායකයින් ඇතුළු සිවිල් වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම පවුල් දෙකේ ජීවන තත්ත්වය පිළිබඳ සැලවීමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්විම මත එම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මෙම නිවාස දෙක ඉදිකරනු ලැබූ අතර, ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළු පළාත් පාලන ආයතනවල ආශීර්වාදය ද මේ සඳහා ලැබුණි.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා ‘දහම් පහණ’ පදනමේ සහෝදර චාර්ල්ස් තෝමස් ඇතුළු අනෙකුත් පරිත්‍යාගශිලීන් විසින් මුල්‍යමය දායකත්වය දක්වන ලදි. Best Sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C