Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th August 2018 11:12:16 Hours

ගජබා සුපර් ක්‍රොස් - 2018 ක්‍රීඩාලෝලින් දහස්ගණනකගේ සහභාගිත්වයෙන් සාලියපුර දී

ගජබා රෙජිමේන්තු භට පිරිස් හි දැවැන්ත ව්‍යාපෘතියක් වන ‘ගජබා සුපර් ක්‍රොස් - 2018’ සාර්ථකව 18 වන වරටත් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි ක්‍රීඩා ලොලීන් රැසකගේ සහභාගීත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී ඉරිදා (19) දින පවත්නු ලැබීය.

ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLADA) සමඟ එක්ව පැවැත් වූ මෙම තරඟාවලිය සඳහා සුප්‍රසිද්ධ මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින් රැසක් සහභාගි විය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා පිළිගැනීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරෙන්ද්‍ර පීරිස් ද එක්ව සිටියහ.

තූර්යවාදක සංදර්ශනය, ධජ එසවීම ඇතුලු තවත් සමාරම්භක අංගයන්ගෙන් මෙම අවස්ථාව සමන්විත වූ අතර, මෙයට නව අංගයක් එක් කරමින්, වසර ගණනාවකට පෙර සාලියපුර, ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී මෙම ත්‍රාසජනක අවස්ථාව යථාර්ථයක් බවට පත් කිරීමට උර දී කටයුතු කළ දිවංගත මේජර් ජෙනරාල් ගාමිණි ගුණසේකර සිහිපත් කරමින් එතුමන්ගේ ස්මාරකය නිරාවරණය කිරීම ද ගරු අමාත්‍ය විජයවර්ධන මැතිතුමා විසින් සිදු කරන ලදි.

තරඟාවලිය අවසානයේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමිමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, යුද්ධ හමුදාධිපති, රෙජිමේන්තු අධිපති සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

එමෙන්ම, මෙම තරඟාවලිය නැරඹිම සඳහා අනුරාධපුරයට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත විදුලි ඇඳන් කිහිපයක් පරිත්‍යාග කිරීම සහ 2009 වර්ෂයට පෙර පැවති මානුෂිය මෙහෙයුමේ දී රණක්ෂිතයට පත් මේජර් ඩබ්ලිව්.එම්.එස්.පී විජේසුන්දර වෙත විශේෂ පරිත්‍යාගයක් පිරිනැමිම ද සිදු කරන ලදි.

එසේම, යුද්ධ හමුදාධිපතිතුමා විසින් මානුෂිය මෙහෙයුමේ දී රට වෙනුවෙන් දිවිපිදු සැරයන් රත්නායකගේ මෑණියන් වෙත රෝද පුටුවක් පිරිනැමිම සහ වෛද්‍ය හේතුන් මත විශ්‍රාමික බලලත් නිලධාරී II ජී.වී.ඒ.එස්.කේ පෙරේරා වෙත රෝද පුටුවක් පිරිනැමිම ද සිදු කෙරිණි.

ප්‍රධාන උත්සවය අතරතුර දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදගම මහා විද්‍යාලයේ, පුවාරාසකුලම් විද්‍යාලයේ, රත්මලේ තිස්ස මහා විද්‍යාලයේ, පාලුගොල්ලෑව විද්‍යාලයේ සහ පරසන්ගස්වැව විද්‍යාලයේ සිසුන් වෙත ත්‍යාග පාර්සල් කිහිපයක් පිරිනැමිම ද යුද්ධ හමුදාධිපතිතුමා විසින් සිදු කරනු ලැබීය.Nike sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1