Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2018 10:33:37 Hours

උතුරු පළාතේ පැවති වෛද්‍ය කඳවුරේ දී භට පිරිස් ලේ දන් දෙති

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ වන 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සංවිධානය කරන ලද ජංගම වෛද්‍ය සායනයක් ඉරිදා (19) දින කම්පමලෙයි, කලවාන් පෙර පාසලේදී පවත්වන ලද අතර මෙහිදී යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් 400 දෙනෙකුට වැඩි පිරිසක් සඳහා වෛද්‍ය උපදේශන සේවා ලබාදීම මෙන්ම උතුරු පළාතේ වෙසෙන රෝගීන්ගේ අවශ්‍යතා සඳහා 150 කට වැඩි යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් විසින් ලේ දන්දීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ මග පෙන්වීම මත හා ලංකා සාරධර්ම ගවේෂී සංගමයේ (ලංකා සෝක ගක්කායි සංගමය) සහයෝගීතාවයෙන් විවිධ අවශ්‍යතාවයන් හදුනාගනිමින් එම ප්‍රදේශයේ දී මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙහිදී යාපනය ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් මෙම වෛද්‍ය සායනය සඳහා පැමිණි රෝගීන් පරික්‍ෂා කල අතර ලේ දන්දීමේ වැඩසටහන සඳහා ද ඔවුන් සිය දායකත්වය දක්වන ලදී. එමෙන්ම ප්‍රදේශයේ ග්‍රාමීය රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් බෙදා දීමක් සිදුකෙරිණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මෙම වෛද්‍ය සායනය සඳහා සහභාගි වු අතර එතුමන් වෛද්‍ය සායනය සඳහා සහභාගි වු පිරිස් සමගින් සුහද පිලිසදරක ද නිරත විය. Sports brands | Nike Shoes