Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2018 10:33:14 Hours

මියගිය ඉන්දීය සාම සාධක හමුදාවේ රණවිරුවන් යාපනයේ දී අනුස්මරණය කෙරේ

අගෝස්තු මස 15 දිනට යෙදි තිබු ඉන්දියාවේ 72 වන නිදහස් දිනයට සමඟාමිව එල්ටිටිඊ සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක කල යුද මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ භට පිරිස් අනුස්මරණය කිරිමේ උත්සවයක් පසුගිය බදාදා (15) දින යාපනය, පලාලි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීය.

මෙම සැමරුම් උළෙල, යාපනය, ඉන්දීය කොන්සල් ජෙනරාල් එස් බාලචන්ද්‍රන් මහතාගේ සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධායකත්වයෙන් පැවති අතර මෙහිදි ත්‍රස්ථවාදයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව ක්‍රියාත්මක කල ‘පවන්’ මෙහෙයුම සඳහා දායක වු ඉන්දීය හමුදා භට පිරිස් සිහිපත් කරමින් මල් කළඹ තැන්පත් කරන ලදී.

මෙහිදී දිවිපිදු ඉන්දීය හමුදා භට පිරිස් සිහිපත් කරමින් යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා නියෝජනය කරමින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් රසික කරුණාතිලක විසින් මල් කළඹ තැන්පත් කර පුෂ්පෝපහාර දක්වා ආචාරය පුද කරන ලදී. trace affiliate link | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp