Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2018 11:52:10 Hours

51 වන සේනාංකය ලේ දන්දීමේ වැඩසටහනක් සමඟින් සංවත්සර සැමරුම ආරම්භ කෙරේ

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත කෝපායි හි පිහිටි 51 වන සේනාංකය එළඹෙන සිය 23 වන සංවත්සරය වෙනුවෙන් සිකුරාදා (17) දින උතුරු පලාතේ වෙසෙන රෝගීන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහා එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 60 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම සහභාගි වූහ.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්නගේ මඟපෙන්විම යටතේ ක්‍රියාත්මක වන සංවත්සර වැඩසටහන් මාලාවේ පළමු අංගය මෙය වේ.

තවද, මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරීන් ඇතුලු හෙද කාර්ය මණ්ඩලය සිය සහයෝගය දක්වනු ලැබීය.Nike air jordan Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos