Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2018 22:15:26 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු වෙත නිවසක් ඉදිකරගැනීම සඳහා මුදල් පරිත්‍යාගයක්

විශේෂ බලකායට අයත් රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු විසින් කරන ලද කාරුණික ඉල්ලීමකට ප්‍රතිචාර දැක් වූ යුද්ධ හමුදාධිපතිතුමා එම රණවිරුවාගේ නිවස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය සපයාදෙන ලෙස රණවිරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කැළුම් වඩුගොඩපිටිය සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර වෙත උපදෙස් ලබාදෙන ලදි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටනේදී දරුණු ලෙස තුවාල සිදුවීමෙන් දැනට වෛද්‍ය හේතුන් මත විශ්‍රාමිකව සිටින මෙම රණවිරුවාගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවස සම්පූර්ණ කිරීම සඳහා මෙම ආධාර මුදල් ලබාදෙනු ලැබීය.

එම රණවිරුවා වෙත අදාළ ප්‍රේෂණ පත සඳුදා (13) දින 58 වන සේනාංක මුලස්ථානයේ දී පිරිනැමු අතර, 581 බලසේනාවේ බලසේනාධිපති චන්දන රණවීර සහ 58 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. affiliate tracking url | Air Jordan 1 Retro High OG University Blue - Gov