Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th August 2018 16:58:13 Hours

621 වන බලසේනා මූලස්ථානයට නව පහසුකම්

වැලිඔය, පදවිය ප්‍රදේශයේ ස්ථාපිත 621 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද ඉදිකිරීම් කිහිපයක් සහ තවත් පහසුකම් කිහිපයක් විවෘත කරනු ලැබීය.

මෙම සමාරම්භක උත්සවයේ දී 621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කල්ප සංජිව ගේ ආරාධනයකට අනුව සිකුරාදා (10) දින නව කොමිෂන් නොළත් නිලධාරි සමාජ ශාලාව, ප්‍රතිසංස්කරණය කරන ලද ආපන ශාලාව සහ අලුත් වැඩියාකරන ලද රණවිරු ස්මාරකය විවෘත කරන ලදී.

621 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව නව කොමිෂන් නොළත් නිලධාරි සමාජ ශාලාව, ප්‍රතිසංස්කරණය කරන ලද ආපන ශාලාව සහ අලුත් වැඩියාකරන ලද රණවිරු ස්මාරකය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනසිංහ සහභාගි විය. තවද 622 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

නුඳුරු අතීතයේ 6 වන බලසේනා මුලස්ථානය ලෙස හැදින්වෙන මෙම කඳවුරේ එවකට බලසේනාධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර (මේ වනවිට පූජ්ය බුද්ධංගල ආනන්ද හිමි) විසින් 1995 වර්ෂයේදී ඉදිකරන ලද මෙම රණවිරු ප්‍රතිමාව නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව විවෘත කරන ලදී.

මෙම උත්සවය අතරතුරදී, 621 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදය වේගයෙන් වර්ධනය වූ අවධියක මෙම මූලස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධ ඵෛතිහාසික තොරතුරු ඇතුලත් පොතක් පිරිනමන ලදි. තවද උත්සව කටයුතු අවසන්වීමෙන් අනතුරුව නව කොමිෂන් නොළත් නිලධාරි නිවස්නය ඉදිරිපිට ගනු ලැබු සමුහ ඡායාරූපයක් සඳහා ද ප්‍රධාන ආරාධිත අමුත්තා එක්විය.

මෙම උත්සවයට සමගාමීව, 621 බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ පවුලේ සාමාජිකයින්, නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව එදින දහවල් භික්ෂුන් වහන්සේලා 10 නමක් කඳවුරු පරිශ්‍රය වෙත වැඩමවා ආගමික වැඩසටහනක් පවත්වනු ලැබීය. Running sport media | nike air max 95 obsidian university blue book list