Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2018 21:35:26 Hours

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා නියෝජිත පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා සහ පකිස්තානු හමුදාවන් අතර ආරක්‍ෂක සාකච්ඡාවක් පැවැත්වීම සඳහා දිවයිනට පැමිණි පකිස්තානු හමුදාවේ නියෝජිතයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිකුරාදා (10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මේජර් ජෙනරාල් රෙහාන් අබ්දුල් බාකී (Major General Rehan Abdhul Baqi), කර්නල් ඕමාර් නෂිර් (Colonel Omar Nasir), කර්නල් ජාවිඩ් අලී (Colonel Javed Ali), මාණ්ඩලික සැරයන් මොහොමඩ් එරික් (Staff Sergeant Mohamed Iraec) සහ කෝප්‍රල් මොහොමඩ් අෂිෆ් ශකීර් (Corporal Mohamed Asif Shakir) යන පකිස්තානු හමුදා නියෝජිත පිරිස සෙනසුරාදා (04) දින දිවයිනට පැමිණි අතර නියෝජිත පිරිස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මුලස්ථානය, කලත්තෑව සන්නද්ධ හමුදා පුහුණු පාසලේ (ACTS), කොකාවිල් සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති මෙම සුහද හමුව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, සැලසුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ සහ බ්‍රිගේඩියර් සමන් සිල්වා සහභාගි වූහ. Adidas shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092