Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2018 16:49:26 Hours

ආබාධිත අයවලුන් සඳහා වන්නි භට පිරිස් වෙතින් කෘතිම අත් පා ලබාදීමේ වැඩසටහනක්

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් වව්නියාව දිස්ත්‍රික්කයේ මඩු, එච්චන්කුලම් සහ නන්දන්කන්ඩාල් යන ප්‍රදේශවල ආබාධිත අයවලුන් වෙත ග්‍රාම සේවා නිලධාරින්ගේ නිර්දේශය මත බ්‍රහස්පතින්දා (07) දින කෘතිම අත් පා ලබාදීම සඳහා අවශ්‍ය මිනුම් ලබා ගන්නා ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව දිර්ඝ කාලයක් පුරාවට ආබාධිතයින් සඳහා කෘතිම අත් පා සපයනු ලබන කුන්ඩසාලේ ආබාධිත මධ්‍යස්ථානයේ අනුග්‍රාහය ඇතිව මෙම වැඩසටහන දියත් කෙරිණි.

61 වන සේනාංකයේ බ්‍රිගේඩියර් ජයන්පති තිලකරත්න විසින් 613 වන බලසේනා මුලස්ථානය වෙත පැමිණ කුන්ඩසාලේ ආබාධිත මධ්‍යස්ථානයේ විකලාංග විශේෂඥ එස්.එස්. අත්තනායක මහතා ඇතුළු වෛද්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව අත් පා සඳහා අවශ්‍ය මිනුම් ලබාගැනීමට මෙම ආබාධිත සිවිල් වැසියන් හට අවශ්‍ය පහසුකම් සලසන ලදි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ගේ පූර්ණ අධික්ෂණය සහ සහාය ඇතිව එම බලසේනා මුලස්ථානයේ දී පවත්වනු ලැබීය.

මෙම අත් පා ප්‍රදානය කිරීමට ප්‍රථම, කෘත්‍රිම අත් පා ලාභීන් සහ පරිත්‍යාගශිලීන් යන දෙපාර්ශවයේ සම්බන්ධතාවයෙන් නුඳුරේ දී නැවතත් එක්රැස්වීමට නියමිතව ඇති අතර, මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක කරනු ලැබේ.buy footwear | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys