Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2018 18:02:05 Hours

දළදා පෙරහැර ආලෝකමත් කිරීම සඳහා යුද්ධ හමුදාව ‘කෝප්පරා’ පූජා කරයි

වාර්ෂිකව පවත්වනු ලබන නුවර දළදා පෙරහැර මංගල්‍ය මහනුවර විදී ඔස්සේ ආලෝකමත් කරමින් විදී සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සම්ප්‍රදායිකව නොකඩවා 04 වන වතාවටත් කොප්පරා ටොන් 05 ක් සඳුදා (08) දින උදෑසන පුජා කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා දළදා මාලිගා පරිශ්‍රයට සපැමිණි යුද්ධ හමුදාධිපති තුමන්ව මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ආරාධනයකට අනුව සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සංකේතාත්මකව කොප්පරා තැටියක් දළදා මාලිගාවේ දියවඬන නිළමේ වන නිලංග දැල බණ්ඩාර මහතා වෙත පිරිනමනු ලැබීය. තවද මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි විය.

වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර උත්සවයට කරනු ලබන ගෞරවයක් ලෙස පෙරහැර විදී සංචාරය කිරීමේ දී ආලෝකය සැපයීමට දල්වනු ලබන පහන් සඳහා 2015 වසරේ සිට බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වියළි පොල් (කොප්පරා) පූජා කරනු ලැබීය. මෙම පූජනීය කටයුත්ත සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් පොල් එක් රැස් කොට කොප්පරා සකස් කරනු ලැබීය.

දියවඩන නිළමේ තුමන්ගේ කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් සංකේතාත්මකව කොප්පරා තැටියක් පිරිනැමීමෙන් අනතුරුව ඉදිරි සතියේ දී ආරම්භ කිරීමට නියමිත ඇසළ පෙරහැර උත්සවය පිළිබඳව ද සුහදව අදහස් හුවමාරු කරගත්හ. Best Sneakers | Nike