Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2018 12:19:17 Hours

පකිස්තානයේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගිවීමට නියමිත තවත් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

පකිස්තානයේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් සැරයන් මේජර්වරුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර ඔවුන් අද (13) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී මෙම ව්‍යාපෘතියේ නියමුවානන් වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී සිය ගමනට ආශීර්වාද ලබාගත්හ.

නව සංකල්පිය ප්‍රවේශයක් එක්කරමින් ආරක්‍ෂක අමාත්‍යංශයේ ආශීර්වාදය ඇතිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උදාර සංකල්පයකට අනුව හමුදාවේ සියළුම ක්ෂේත්‍රයන් හා සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීමේ සහ ප්‍රවර්ධනය කරගැනීම මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලද යුද අත්දැකීම් හුවමාරු කරගැනීමේ ද අරමුණින් ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මෙම හමුව සංවිධානය කිරීමෙහිලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

පකිස්තානයේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රියාකාරි හමුවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කණ්ඩායම වෙරළ ආරක්ෂක මෙහෙයුම්, ආයතනික කුසලතා, ආරක්‍ෂක භූමිකාවන් සහ වෙනත් ක්ෂේත්‍රයන්හි වැදගත් කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිතය.

වෘත්තීමය යුද්ධ හමුදාවක් නිර්මාණය කිරීමෙහිලා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානානායක ගේ සංකල්පයකට අනුව, විදේශ හමුදාවන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ අත්දැකිම් ලබාගැනීමට සහ එතුලින් කලාපීය යුද්ධ හමුදාවන් සමඟ ද්විපාර්ශවික සබඳතාවයන් පුළුල් කර ගැනීමේ අභිප්‍රාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධි විදාන සලසනු ලැබීය.

මීට පෙරද අවස්ථා තුනකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් කණ්ඩායම් තුනක් බංගලාදේශ, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල්හි යුද්ධ හමුදාවන් අතර පවත්වනු ලැබු මෙවැනිම අන්තර් ක්‍රියාකාරි වැඩමුළු සඳහා සහභාගි වූ අතර එමගින් විවිධ රටවල් අතර යුද්ධ හමුදාවන්හි රාජකාරි පිළිබඳ දැනුම හුවමාරු කරගැනීමට හැකිවේ. Best Sneakers | THE SNEAKER BULLETIN