Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2018 12:45:36 Hours

යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මුල්ලිවෛයික්කාල් ක්‍රීඩාංගනය නැවත විවෘත කෙරේ

මුලතිව් 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මුල්ලිවෛයික්කාල් ටයර් හන්දියේ අසල පිහිටි ක්‍රීඩාංගනය සෙනසුරාදා (28) දින භාරදෙනු ලැබීය.

මුල්ලවෛයික්කාල් - බටහිර ග්‍රාම සේවා කොට්ඨාසයේ සෙල්වා ක්‍රීඩා සමාජ සහ නිලාවුන් ක්‍රීඩා සමාජය අතහැරදමා තිබු ක්‍රීඩාංගනය යුද්ධ හමුදාවට ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ සහ 681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.එස්. මුණසිංහ ගේ උපදෙස් මත භට පිරිස් විසින් මෙම ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. මෙම ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය මූල්‍යම දායකත්වය ප්‍රදේශයේ අනුග්‍රාහකයින් විසින් ලබාදෙනු ලැබීය.

මෙම සමාරම්භක උත්සවයේ දී සෙල්වා ක්‍රීඩා සමාජ සහ නිලාවුන් ක්‍රීඩා සමාජය අතර මිත්‍රත්ව වොලිබෝල් තරඟයක් ද පැවැත්විණි. එම අවස්ථවේ දී 681 වන බලසේනාවේ බලසේනාධිපති තුමන් අනුග්‍රාහකයින්ට සහ භට පිරිස් වෙත සිය ස්තුතිය පුද කළහ. තවද 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් එම ක්‍රීඩා සමාජ වෙත වොලිබෝල්, වොලිබෝල් දැල්, පාපන්දු, නෙට් බෝල්, ගොල්පෝස්ට් ඇතුළු ක්‍රීඩා උපකරණ රැසක් ප්‍රදානය කරන ලදී.

මෙම ක්‍රීඩාංගණය නැවත විවෘත කිරීම උත්සවය සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන්, සිවිල් වැසියන් සහ ක්‍රීඩා ලෝලීන් රැසක් එක්ව සිටියහ. Sportswear free shipping | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth