Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2018 13:13:06 Hours

ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයේ නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් වැව් 24 කට අධික ප්‍රමාණයක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ 2017 වසරේ ‘සිරිසර පිවිසුම’ ජාතිය ගොඩනැගීමේ ව්‍යපෘතියට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 24 ක් ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇති බවට සෙනසුරාදා (29) දින පෞද්ගලික රූපවාහිනි මධ්‍යස්ථානයක පැවැති සමුහ සාකච්ඡාවකදී ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂක තුමන් පවසා සිටියහ.

මීට අමතරව, මේ වසර අවසන්වීමට පෙර තවත් වැව් 25 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇති අතර අවට ප්‍රදේශවල ජිවත්වන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අතහැර දැමු වැව් 9 ක් ප්‍රමුඛත්වයක් මත ප්‍රතිසංස්කරණය කරනු ලබයි. එමෙන්ම, අතිගරු ජනාධිපතිතුමා විසින් 2017 ජූලි මාසයේ දී ප්‍රතිසංස්කරණය කරන ලද ගංතලාව වැව විවෘත කරනු ලැබීය.

තවද ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතිය යටතේ අදාල ප්‍රදේශයන්හි බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව පාසල් ක්‍රීඩාංගණ, මහාමාර්ග, විහාරස්ථාන, මහජන ගොඩනැගිලි, ගුරු නිවාස, ප්‍රජාශාලා, මුස්ලිම් පල්ලි, කෝවිල්, වෙළඳ සංකීර්ණ සහ පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරනු ලබයි.

දිළිඳුකමෙන් පෙළෙන ප්‍රදේශයන්හි අන්නෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සුහදශීලිත්වය ශක්තිමත් කිරීම තුලින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදාවෙන් 1/3 ජාතිය ගොඩනැගිමේ කාර්යභාර්ය සඳහා සහයෝගය දක්වනු ලබයි.

එමෙන්ම, ඉංජිනේරු භට පිරිස් විසින් අවදානමට ලක්වු ප්‍රදේශයන්හි අලි වැට ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දායකත්වය ලබාදෙනු ලැබීය. Sports Shoes | FASHION NEWS