Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd July 2018 18:09:35 Hours

අතුරුදන්වූ දරුවා සෙවීමේ මෙහෙයුම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් එක්වේ

බලංගොඩ ප්‍රදේශයේ දස හැවිරිදි කුඩා දරුවෙකු පියා සොයා කැලයට ගොස් අතුරුදන්වී ඇති බවට ලද තොරතුරක් මත බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස්, පොලිසීය සහ ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව සඳුදා (23) දින දරුවා සෙවීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

සිකුරාදා (20) දින දරුවන්ගේ පියා ගසක් කෑපීම සඳහා කැලයට ගොස් සිටි බව දැනගැනීමෙන් පසු මෙම කුඩා දරුවා පියා සොයා කැලයට ගොස් අතුරුදන්ව ඇත.

මේ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය විසින් දරුවා සෙවීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කලද කිසිදු තොරතුරක් සොයාගැනීමට නොලැබීණි.

ඒ අනුව, අතුරුදන්වු දරුවා සෙවීමේ අඛණ්ඩ මෙහෙයුම් දියත් කිරීම සඳහා ඉරිදා (22) දින යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොලිසියේ සහයෝගය සඳහා යොදවනු ලැබීය. bridge media | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ