Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th July 2018 14:59:48 Hours

සැරයන් හෙට්ටිආරච්චි හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවයි

ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව විසින් කොළඹ, සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලබන ජාතික පැරා මළල ක්‍රීඩා උළලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීටර 62.11 ක දුරක් හෙල්ල විසිකරමින් නව ලෝක වාර්ථාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුව නියෝජනය කරමින් සහභාගි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ආබාධිත සැරයන් එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි සෙනසුරාදා (21) දින සමත් විය.

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීට පෙර පැවති ලෝක වාර්ථාව මීටර 59.82 ක් විය.

දිවයින පුරා ක්‍රීඩා සමාජ 40 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 ක් පමණ මෙම පැරාලිම්පික් තරඟාවලිය සඳහා සහභාගි විය.

මෙම ක්‍රීඩා උළලේ දී ජවන හා පිටිය තරඟ ඉසව්වන්හි දක්‍ෂතා දැක්වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරීගැන්වීම සඳහා ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් සහභාගි විය.

2018 ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිත ආසියනු පැරා ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගි කරවීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ තරඟ ඉසව්වන් සඳහා සහභාගි කරවීමට දක්‍ෂතා ඇති මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට මෙම තරඟාවලියේ දී හැකිවනු ඇත.

මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ සංවිධානය කරනු ලැබු අතර ශ්‍රී ලංකාවේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිර්ඝකාලීන සහකරු ලෙස ඩයලොග් පුද්ගලික සමාගම කටයුතු කරයි. latest Nike release | Nike Dunk - Collection - Sb-roscoff