Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th July 2018 11:10:06 Hours

58 වන සේනාංකයේ භට පිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනක

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් දියත් කරනු ලැබු ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581, 582 සහ 583 වන බලසේනාවන්හී 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණිය, 5 වන ශ්‍රී ලංකා පොදු සේවා බලකාය සහ 9 වන ගැමුණු හේවා බලකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 60 කට අධික පිරිසක් දායකත්වය දක්වනු ලැබීය.

මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ප්‍රදේශයන්හි රාජ්‍ය නිලධාරින් සහ සේවකයින් මෙන්ම පාසල් සිසුන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් ද එක්ව සිටි අතර 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ මඟපෙන්වීමෙන් ඒකකයන්හි අණදෙන නිලධාරින් මේ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන ලදි.

මීට අමතරව, 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 582 වන බලසේනාවේ භට පිරිස් විසින් සිකුරාදා (13) දවසපුරා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ, බණ්ඩාරගම සහ වාද්දුව යන ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන ව්‍යාපෘතින් රැසක් දියත් කරනු ලැබීය. Sports brands | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C