Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2018 13:39:14 Hours

5 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් දළදා සමිදුන් වන්දනා මාන කිරිම සඳහා පැමිණි වැඩිහිටියන් හට සහාය දක්වයි

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධික්ෂණය යටතේ 5 (ස්වේච්ඡා) ශ්‍රි ලංකා පාබල හමුදා භට පිරිස් විසින් අති උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර, දළදා මාලිගය වන්දනාමාන කිරිම සඳහා පැමිණි රාජගිරිය, වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටි පුද්ගලයින් 27 දෙනෙකු සඳහා අවැසි සහයෝගය ලබා දුන්හ.

11 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහ 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් ඇතුළු එම ඒකකයේ සියළු නිලධාරින් සහ සෙසුනිලයින් ගේ දායකත්වයෙන් එම වැඩිහිටි පිරිසට කෙටි ආහාර වේලකින් සංග්‍රහ කල අතර, අති උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කිරිමට අත්වාරු සපයමින් අවැසි සහයෝගය ලබාදුනි. best Running shoes | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival