Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2018 15:41:49 Hours

12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ‘පාද යාත්‍රාවේ’ පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බලයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යය සඳහා පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් සඳහා 12 වන සේනාංක බල ප්‍රදේශයේ තවකාලික කඳවුරක් පිහිටුවා ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි විසින් සලසා දුන් අතර, සඳුදා (9) දින 12 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම තවකාලික කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි බැතිමතුන් හමුවී සුහද පිළිසදරක යෙදෙමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳව විමසා සිටින ලදී.

රුහුණු මහා කතරගම දේවාලයේ සම්බන්ධීකරණයෙන් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 23 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් බැතිමතුන්ගේ ජල අවශ්‍යතාවය සඳහා ප්ලාස්ටික් වතුර ටැංකි ස්ථානගත කර ඇති අතර තවකාලික කුඩාරම්, ප්‍රථමාධාර, ඖෂධ සහ වෙනත් අවශ්‍යතාවයන් ද සලසා දී ඇත.

බැතිමතුන් 6,000 කට අධික පිරිසක් ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල් සහ කුමන යන ප්‍රදේශයන් පසුකරමින් සඳුදා (9) දින කුඹුක්කන් ඔය හරහා යාල අභයභුමි ප්‍රදේශය වෙත ලගා වුහ. Sportswear Design | UK Trainer News & Releases