Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th July 2018 10:00:33 Hours

22 වන සේනාංකයේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන සාකච්ඡාවක්

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඩෙංගු මර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (02) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකය තුල ඩෙංගු රෝගය පැතිරීයාම වැළැක්වීම සඳහා ‘ජාතික ක්‍රියාකාරි සැලැස්ම’ යළි පණගැන්වීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විය. මෙහිදි ඩෙංගු මර්ධන වැඩසටහන් මෙහෙයවීමේ වගකීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු වෙත පවරන ලදි. තවද ප්‍රමුඛතා පදනම මත ජාතික අවශ්‍යතාවය සපුරාලීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් ප්‍රධානීන්ගේ වගකීම මෙහිදි අවධාරණය කරනු ලැබීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති අර්.එම්.එම්.ජි පෙරේරා, 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීපාල් පුස්සැල්ල, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා පි. කායල්විසි මහත්මිය, අණදෙන නිලධාරීන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී ඔවුනොවුන්ගේ අදහස් හුවමාරු කරගත්හ.

Best jordan Sneakers | Nike Running