Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2018 15:47:46 Hours

පොසොන් පහන් කුඩු තරඟාවලියේ ප්‍රථම ස්ථානය 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට

1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස්, වාරියපොල සහ බමුණුකොටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් සංවිධානය කරනු ලැබු පොසොන් පහන් කුඩු තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් රුපියල් 50,000/= ක මූල්‍යමය ත්‍යාගයක් හිමිකරගන්නා ලදි.

1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් ස්වාභාවික අමු ද්‍රව්‍ය භාවිතා කරමින් මෙම පහන් කූඩු සකස් කරනු ලැබු අතර මෙම තරඟය සඳහා පොලිසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සිවිල් තරඟකරුවන් විශාල පිරිසක් සිය නිර්මාණශීලි නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර තිබුණි.

ජයග්‍රාහකයින් විසින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රුපියල් 10,000/= ක මුදලක් වාරියපොල විසුද්ධාරම විහාරස්ථානය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මෙහිදි, 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් මංජුල කොස්තා ගේ මඟපෙන්වීම යටතේ පහන් කුඩු නැරඹීම සඳහා පැමිණි සියලුම බැතිමතුන් වෙනුවෙන් දන්සලක් ද පවත්වනු ලැබීය. තවද, යුද්ධ හමුදා භට පිරිස් වාරියපොල පොලීසියට සහ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රදේශය පුරා පොසොන් සංවිධානාත්මක කටයුතු මෙහෙයවීම සඳහා අවශ්‍ය සහයෝගය ද ලබාදෙනු ලැබීය.

Best Authentic Sneakers | nike air max 95 obsidian university blue book list