Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2018 14:11:38 Hours

ඉපලෝගම යුද්ධ හමුදා පුහුණු පාසලේ දී නව ආධුණික සෙබළුන් 289 දෙනෙකු විසිරයති

ඉංජිනේරු සේවාවන් සඳහා යුද්ධ හමුදාවට එක් වූ ආධුණික සෙබළුන් 289 දෙනෙකු ඉපලෝගම ආධුණික පුහුණු පාසලෙන් මාස 06 ක කාලයක් මූලික ආධුණික පුහුණුව සාර්ථක හැදෑරීමෙන් අනතුරුව සෙනසුරාදා (30) දින අනුරාධපුර පිහිටි 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී විසිරයන යන ලදී.

සංස්කෘතික සංදර්ශනයක්, වර්ණවත් ශාරීරික අභ්‍යාස සංදර්ශණයක්, තුර්ය වාදක සංදර්ශණයක් සහ ටයිකොන්ඩෝ සටන් ක්‍රම ඇතුළත් සංදර්ශණයකින් ද සමන්විතව හමුදා සම්ප්‍රදානුකුලව මෙම විසිරයාමේ පෙළපාලිය පැවති අතර විසිරයන ආධුණික සෙබළුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ යහළු හිතමිත්‍රාදීන් ද මෙම අවස්ථාව නැරඹිම සඳහා පැමිණ සිටියහ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජී.ජේ තිලකරත්න සහභාගි විය.

පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.එස්.එම්.ඒ ප්‍රියන්ත, දක්‍ෂතම ශාරිරීක යෝග්‍යතාවය ඇති සෙබළා ලෙස සාමාන්‍ය සෙබළ එච්.ඒ.එන්.එම් හේරත් සහ සෑම අතින්ම අතිශුර සෙබළා ලෙස සාමාන්‍ය සෙබළ ඩි.එම්.එන්.එස් දවුන්ඩසේකර කුසලාන හිමිකරගනු ලැබීය.

එසේම, යුද්ධ හමුදාපතිතුමාගේ මූලිකත්වයෙන්, දිවයින පුරා හමුදා කඳවුරු සියල්‍ලෙහිම ක්‍රියාත්මක ‘හරිත සෙබලා’ සංකල්පයට අනුව විසිරයන ආධ‍ුණික සෙබලුන් 289 දෙනා වෙත පැළ බෙදාදීම ද මෙම උත්සවයේ දී සිදු කළ අතර, එම පැළ ඔවුන්ගේ යුද්ධ හමුදා සේවා කාලයපුරාවටම ආරක්‍ෂාකර රැකබලාගැනීමට ද ඔවුන් එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ඉදිරියේ දිවුරුම් දී ප්‍රකාශ කරන ලදි.

Authentic Nike Sneakers | jordan Release Dates