Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2018 11:50:32 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේ දී බැති ගී ප්‍රසංගයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගයක් බදාදා (04) දින මෝදර රොක් හවුස් පිහිටි බලකා මූලස්ථානයේ දී පැවති අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක මෙන්ම බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

සියවස් ගණනාවකට පෙර ශ්‍රී ලාංකීකයන් සඳහා නව සංස්කෘතියක් සහ ශිෂ්ටාචාරයක් සනිටුහන් කළ පොසොන් පොහෝ දිනය සමරමින් භට පිරිස් හි සෞන්දර්යාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කරමින් සන්නාහ සන්නද්ධ බලකායේ එක් බලඇණියක් විසින් පොසොන් බැති ගී තුන බැගින් ඉදිරිපත් කරමින් මෙම ප්‍රසංගය පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම පොසොන් බැති ගී ප්‍රසංගය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැමිණිම අගයනු වස් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

latest Running Sneakers | nike air speed turf rose gold price per gram