Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2018 23:29:32 Hours

පොළොන්නරුවේ යොවුන්වියේ පාසල් සිසුවියක් වෙත යුද්ධ හමුදාවේ නිෂ්පාදිත කෘතිම දකුණු අතක්

පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන උපතින්ම අතක් අහිමි එන්. පී. විනීතා දමයන්ති සිසුවිය තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට සහය වන ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මස පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක් ඉටු කරමින් අඟහරුවාදා (03) දින උදෑසන එම දියණිය වෙත යුද්ධ හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද කෘතිම දකුණු අතක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් පිරිනමනු ලැබීය.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, මෙම කෘතිම අත නිෂ්පාදනය සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 02 ක පමණ මුදලක් ප්‍රදානය කර ඇති අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත මෙම කෘතිම අත රාගම රණවිරු සෙවණේ පිහිටි කෘතිම අත් පා නිෂ්පාදනාගාරය වෙතින් නිෂ්පාදනය කරන ලදි.

ඒ අනුව, කෘතිම අත් පා නිෂ්පාදනාගාරයේ දී යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ශාන්ත තිරුනාවුකරසු ගේ සෘජු අධීක්‍ෂණය යටතේ මෙම කෘතිම අත නිෂ්පාදනය කෙරුණු අතර ඒ සඳහා උපදේශන සහය සහ අවශ්‍ය අමුද්‍රව්‍ය ජර්මන් සමාගමක් මගින් සපයනු ලැබීය.

මෙම සිසුවිය පරික්‍ෂා කිරීමේන් අනතුරුව, කෘතිම අත් පා නිෂ්පාදනාගාරයේ තක්‍ෂණික ශීල්පින් විසින් කරන ලද නිගමනයට අනුව කෘතිම දකුණු අත පැළදවීමට සහ එය ක්‍රියාත්මක කල හැකි පරිදි විශේෂ ජැකට්ටුවක් ආකාරයට නිෂ්පාදනය කරන ලදි.

කෙසේ වෙතත්, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ශාන්ත තිරුනාවුකරසු ගේ උපදෙස් මත යුද්ධ හමුදා කාර්මික ශීල්පින් විසින් මෙම කෘතිම දකුණු අත සිසුවියගේ සිරුරේ ස්වභාවයට අනුකූලව සකස් කිරීමට සමත්විය. ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකදී ජනාධිපතිතුමා හමුවූ මෙම දැරිය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි.

එම අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්ට උපදෙස් ලබාදී ඇත්තේ එම දැරියට ගැලපෙන සුදුසු අතක් යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩය වෙතින් රුපියල් ලක්ෂ 02 ක පමණ මුදලක් වැය කර නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසයි.

මෙම පරිත්‍යාග උත්සවය අතරතුරදී, අධ්‍යාපනය සඳහා සුවිශේෂී දක්ෂතාවයක් දක්වන මෙම සිසුවිය කෙරෙහි දක්වන ලද විශේෂ සැලකිල්ල පිළිබඳව සිසුවියගේ දෙමාපියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ස්තූති කළහ.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා මේජර් ජෙනරාල් ශාන්ත තිරුනාවුකරසු සහ දියණියගේ දෙමාපියන් සහභාගි වූහ.

පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මේ වනවිටත් යුද්ධ හමුදාවේ ආබාධිත සෙබලුන්ට මෙන්ම අවශ්‍යතාවයන්ට අනුකූලව සිවිල් ආබාධිත පුද්ගලයින්ට ද කෘතිම අත් පා නිෂ්පාදනය කරනු ලබයි. මීට අමතරව, වසර 9 ක් තිස්සේ රණවිරුවන්ගේ වෛද්‍ය සපත්තු සහ අනෙකුත් අවශ්‍යතාවයන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන යුද්ධ හමුදාධිපතිතුමන් විසින් වෙන් කරනු ලබයි.

Running sports | Nike SB