Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2018 14:40:15 Hours

මධ්‍යම පළාත් හොඳම ගොවිපල ලෙස පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක ගොවිපල තෝරාගනී

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබු 2017 වසරේ මධ්‍යම පළාත් ‘නගරයට උයන්වතු’ තරඟවලියේ හොඳම ගොවිපල ලෙස නුවර, පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංකය විසින් පවත්වාගෙන යනු ලබන ‘ලක්සෙන්පාය’ නිල නිවාසය අවට ගෙවතු උද්‍යානය තේරිපත් විය.

මෙම තරඟයේ ප්‍රතිඵල සති කිහිපයකට පෙර කඳුරට සේවය ගුවන් විදුලි නාලිකාවේ ‘අස්වැන්න’ සංවාද වැඩසටහනේ සජීවී විකාශයක් අතරතුර එම ස්ථානය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙහිදි ගුවන් විදුලි සංවාදය මෙහෙයවූ සාමාජිකයින්, අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘අපි වවමු - රට නගමු’ ජාතික ව්‍යාපෘතියට යුද්ධ හමුදා සාමාජිකයින් දක්වන දායකත්වය අගය කරන ලදි.

11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශකවරුන් යුද්ධ හමුදාවේ දායකත්වය අගය කළහ. Authentic Nike Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov