Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2018 16:15:57 Hours

පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් (General Zubair Mahmood Hayat, NI (M)), බදාදා (27) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.

ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත්, පාකිස්ථානයේ 17 වන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී වේ. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න ගේ ආරාධනාවකට අනුව මෙරට සංචාරයක නිරත වන පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී මෙම සංචාරය අතරතුර අතිගරු ජනාධිපතිතුමන්, ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිත අතර මෙහිදී දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාවය මෙන්ම විශේෂ පුහුණු සහ යුද අභ්‍යාසයන් සැබැදී කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිතය.

මෙම නිල සංචාරය අතරතුරදී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් ශ්‍රී ජයවර්ධන පුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විමටත්, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරාධිත දේශණයක් සඳහා සහභාගී වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පාකිස්ථානය මගින් පරිත්‍යාග කරනු ලබන අශ්වයින් 06 දෙනෙකු නිල වශයෙන් භාරදීමට නියමිතය.

හමුදාමය පවුල් පසුබිමක් සහිත ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් 1976 දි පාකිස්ථානු යුද්ධ හමුදාවට එක්වු අතර, ඔහු මේ දක්වා විවිධ අණ හා මාණ්ඩලික තනතුරු ගණනාවක් හොබවා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෝට් සිල් ඔක්ලාහෝමා (Fort Sill Oklahoma), එක්සත් රාජධානියේ කැම්බර්ලිහි අණ හා මාණ්ඩලික විද්‍යාලය සහ ඉස්ලාමාබාද් නුවර ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර, ඔහු මානුෂ්‍යවාදි රන් සම්මානය හා Master Gunner හා Master War Fighter යන සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත.

ජෙනරාල් හයාත් වර්තමාන නිලයට 2016 නොවැම්බර් මස 27 වන දින උසස්වීම් ලැබු අතර ඔහු පාකිස්ථාන ජනරජයේ 17 වන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී මෙන්ම තරු 4 ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා ද වේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය ෂාහීඩ් අහ්මඩ් හෂ්මට් ද එක්ව සිටියහ.

bridge media | adidas Yeezy Boost 350