Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2018 13:16:31 Hours

අපවත් වි වදාළ පූජ්‍ය ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නායක ස්වාමින් වහන්සේගේ අනුස්මරණ පිංකම වෙනුවෙන් හැලඹවැව අඩු ආදායම්ලාභී සිවිල් වැසියන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති සහ පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙ‍ෙනහි සහ රජමහා විහාරයේ විහාරාධිපති අපවත් වි වදාළ පූජ්‍ය ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නායක ස්වාමින්වහන්සේගේ 13 වන අනුස්මරණ පිංකම සිකුරාදා (22) දින 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාව ස්ථාපිත හැලඹවැව ප්‍රදේශයේ දී පවත්වන ලදි.

අපවත් වි වදාළ නායක ස්වාමින් වහන්සේගේ ශීෂ්‍ය භික්ෂුන්වහන්සේ නමක් වන පුජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ විසින් හැලඹවැව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි ප්‍රදේශවාසීන් සඳහා භාණ්ඩ පරිත්‍යාගයක් සිදුකරන ලදී. එදින වැඩසටහන, සිවිල් වැසියන් වෙනුවෙන් පැවැත් වූ ධර්ම දේශනාවත් සමඟින් ආරම්භ වු අතර මානුෂීය ආධාර ප්‍රදානය කිරිමේ අවස්ථාව එදින සන්ධ්‍යාවේදී ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහනේ දී එම ප්‍රදේශයේ ගර්භනි කාන්තාවන් 140 දෙනෙකු වෙත ලක්ෂ 7 ක වටිනාකමකින් යුත් පෝෂ්‍යදායි ආහාර, වියළි සලාක, රෙදි පිළි, ඇඳ ඇතිරිලි, ළඳරු භාණ්ඩ, මඳුරු දැල්, සබන්, කිරිපිටි මෙන්ම මුල්‍යමය ආධාර ද පරිත්‍යාග කල අතර, ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 7.5 ක වටිනාකමකින් යුත් සිල් රෙදි තොගයක් ද වැඩිහිටියන් සහ සිවිල් වැසියන් වෙත බෙදාදෙන ලදි.

වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි ග්‍රාමීය ප්‍රදේශයන්හි විහාරස්ථාන 40 ක් සඳහා රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනාකමකින් යුත් සනිපාරක්ෂක කට්ටල 10 ක් සහ විල්බැරෝ, කෘෂි උපකරණ තොගයක් ද පරිත්‍යාග කරන ලදි.

එසේම, වියළි කාලගුණික තත්වය නිසා පීඩා විදින ප්‍රදේශවාසින් සහ ගොවින්ගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා මෙන්ම වගාකටයුතු සිදුකිරිම සඳහා රුපියල් ලක්‍ෂ 8 ක් වැය දරමින් වගා ළිං 5 ක් ඉදිකරන ලදී.

මෙම අනුස්මරණ පිංකමට සමඟාමිව ප්‍රදේශයේ මහා සංඝරත්නය 110 නමක් විෂයේහිලා මහා දානමය පුණ්‍ය කර්මයක් හැලඹවැව ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාංකයේ භට පිරිස් 62 වන සේනාංකයේ ‌සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස් වනිගසිංහ, සිවිල් සංවිධාන, පොලිසීය සහ රාජ්‍ය නිලධාරින් මෙම ප්‍රජා සුභසාධක ව්‍යාපෘතින් සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

latest Nike release | Men's Footwear