Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2018 15:46:17 Hours

24 වන සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය යුද්ධ හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආරාධනාවකට අනුව නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මුලස්ථානය වෙත බ්‍රහස්පතින්දා (28) දින පැමිණි අතර එහිදී භට පිරිස් ඇමතීමක් ද සිදුකරන ලදී.

24 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර යුද්ධ හමුදාධිපතිතුමාගේ දේශණය සඳහා එම බල ප්‍රදේශය තුල සේවයේ නියුතු නිලධාරින් 50 දෙනෙකු ඇතුළුව සියළු නිලයින් 500 දෙනෙකු සහභාගි වුහ.

මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරන ලද සවිස්තරාත්මක දේශණයේදී සිය දැක්ම සහ මෙහෙවර පිලිබඳවත් වගකීම් ඉටුකිරිමේදී තම උපරිම හැකියාවන් යොදවමින් තම තමන්ට පැවරෙන කාර්යන් මෙන්ම වගකීම් මැනවින් ඉටුකරන ලෙස ප්‍රකාශ කරන ලදී. එමෙන්ම අප රට ජාතියට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා අපගේ ධාරිතාව පාදක කරගනිමින් යුද්ධ හමුදාව රටෙහි වඩාත් ජනප්‍රිය සේවා සැපයුම්කරුවෙකු ලෙස ක්‍රියා කලයුතු බවත්, ඔබ සියලු දෙනාම ලබාදෙන දායකත්වයෙන් 1/3 ක දායකත්වයක් ජාතිය ගොඩනැගිමේ කාර්ය සඳහාත්, 2/3 ක දායකත්වයක් සටන් පුහුණු සහ පරිපාලන කටයුතු වෙනුවෙන් දැක්විය යුතු බැව් ද, ඔබ සාඩම්බර හමුදාවක සාමාජිකයන් වන අතර විනය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය සහ ගෞරවය ආරක්‍ෂා වන පරිදි කටයුතු කලයුතු බවත්, එය පොදු මහජනතාව විසින් විනිශ්චය කරන අපේ ඉදිරි ගමනේ සාර්ථකත්වය බැව් ද අවධාරණය කරන ලදී.

එමෙන්ම ඒ හා සමානව යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරිගේ කාර්යභාරය පෙරමුණට පැමිණ ඇති අතර, ඔවුන් සංවිධාන ව්‍යුහය තුල අත්‍යවශ්‍ය අංගයක් වන බැවින් ඔවුන් හට විදේශීය පුහුණු ඇතුළු වෘත්තීය පුහුණු ලබා දීම මගින් විවිධ පැතිකඩ වෙත යොමුකිරිමට සමත් ව ඇති බවත්, ප්‍රධාන ජාතීන් 3 හි ප්‍රජාවන් එකමුතුව සිටින දිස්ත්‍රික්කයන් හි අප සේවය කරන අතර ඔවුන්ගෙන්ද අප හට ඉගෙනීමට මෙන්ම හුවමාරු කරගැනීමට බොහෝ දේ ඇති බවත්, එවැනි අත්දැකීම් නිසැකවම අප හමුදාවට උද්යෝගීමත් බවත් ප්‍රකාශ කල අතර යුද්ධ හමුදා සාමාජිකයින් වශයෙන් වැඩි වැඩියෙන් දැනුම එකතු කරගනිමින් පරිණත වීම තුලින් වඩාත් හොඳ සේවාවක් තම මාතෘභුමිය වෙත ලබාදිය හැකි බැව් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශණය අවසානයේ, 24 වන සේනංක මුලස්ථානයේ සිදුකරන ලද මෙම සංචාරය සිහිවනු වස් 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමු අතර යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරිම් කටයුත්තක් සඳහා පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් 24 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව නිලධාරි නිවස්නය විවෘත කිරිමේ අවස්ථාව සඳහා එක්වුහ. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් එම නිලධාරි නිවස්නය විවෘත කිරිම සඳහා පීත්ත පටිය කැපිමේ අවස්ථාව එම සේනාංක මුලස්ථානයේ මේජර්වරයෙකු වෙත ලබාදුන් අතර එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් 24 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එම මුලස්ථාන පරිශ්‍රයේ පැලයක් ද රෝපණය කරන ලද අතර සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා ද එක්විය.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරි සහ මාණ්ඩලික නිලධාරින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running Sneakers Store | Zapatillas de running Nike - Mujer