Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2018 18:29:17 Hours

පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ජල පිරිපහදු යන්ත්‍ර ලබාදිමේ දැවැන්ත ව්‍යාපෘතියක්

යාපනය අර්ධද්විපයේ සේවයේ නියුතු භට පිරිස් සඳහා පානීය ජල ගැටලුවක් පවතින අතර, එයට විසඳුම් වශයෙන් යාපන ප්‍රදේශයේ ස්ථානගත යුද්ධ හමුදා කඳවුරු 7 ක් සඳහා නවතමයෙන් ඉදිකරන ලද ජල පිරිපහදු යන්ත්‍ර භට පිරිස් අයිතියට පත් කිරීම අඟහරුවාදා (26) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ සහභාගිත්වයෙන් සිදුවිය.

යුද්ධ හමුදාධිපතිතුමා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර 12 කට වැඩි ප්‍රමාණයක් යාපනය අර්ධද්විපයේ සේවයේ නියුතු භට පිරිස් හි පානීය ජල අවශ්‍යතා සඳහා ස්ථාපනය කර ඇත.

මෙම ව්‍යාපෘතිය අනෙකුත් ප්‍රදේශවල ද ක්‍රියාත්මක කිරීමට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බලාපොරොත්තු වන අතර, 51 වන සහ 52 වන සේනාංකයන්ට අයත් පුහුණු පාසල් සහ 6 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 2 වන සන්නද්ධ බුද්ධි බලකාය, 10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යන බලඇණි මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ ලබනු ඇත.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

Sports News | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf