Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2018 16:17:19 Hours

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක බලඇණිවල ගැටළු නිරාකරණය කරයි

(මාධ්‍ය නිවේදනය)

2004 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා භට පිරිස් හි දායකත්වය ලබාදෙනු ලබන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) සහයෝගීතාවයෙන් එම සාමසාධක මෙහෙයුම් සඳහා විශාල භට පිරිස් ප්‍රමාණයක් මේ වනවිට යොදවා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්තුමාගේ 2012 දෙසැම්බර් මස 11 දින අංක 2012/18 දරණ තීරණයට අනුව ‘එක්සත් ජාතින්ගේ රාජකාරි කරනු ලබන්නන්ගේ මානව හිමිකම් පිරික්සුම් ක්‍රියාවලිය’ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පුද්ගලයන් ස්වාධීන පරික්ෂණයකට ලක්කිරීම සම්බන්ධව ස්වකීය ජාතික යාන්ත්‍රණයක් අනුගමනය කිරිම මගින් එම ගැටළු විසඳාගැනිම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව (UNDPKO) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වන ලදී.

ඒ අනුව, මීට පෙර ජීනිවා හි පිහිටි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සිදුකරනු ලැබු එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින් සදහා යැවීමට නියමිත හමුදා සාමාජිකයින්ගේ නිෂ්කාශණ ලබාදීමේ ක්‍රියාවලිය වර්තමානයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහයෝගීතාවය මත සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරනු ලබන නිෂ්කාශණ පටිපාටිය සැබැදිව සෑහීමකට පත්වන අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පැවරී ඇති කාර්යයන් සඳහා සිය සහභාගීත්වය පුළුල් කරමින් එක්සත් ජාතීන්ගේ එම මෙහෙයුම් කටයුතු සඳහා තෝරාගත් හමුදා සාමාජිකයන්ගේ විස්තර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීන පරික්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් කීරිම ආරම්භ කරන ලදි. මේ අතර, අදාල සම්මුතීන්ට අනුව සැලසුම් කර ඇති පරිදි දැනට රාජකාරින් හි යොදවා ඇති සාමසාධක භට පිරිස් මුදවා හැරිමේ ප්‍රමාදය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව (UNDPKO) විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් නිරන්තරයෙන් විමසිම් කරනු ලබයි.

මේ සැබදිව සාකච්ඡාවක්, විදේශ කටයුතු අමාත්යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අංශයේ නිලධාරින්, යුද්ධ හමුදාධිපතිතුමා, නාවික හමුදාධිපති, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි, අධ්‍යක්‍ෂ ජෙනරාල් යුද්ධ හමුදා විදේශීය මෙහෙයුම්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ ආරක්ෂක අම‍ාත්‍යාංශ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් බ්‍රහස්පතින්දා (21) දින කොළඹ දී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමග සහයෝගීතාවයෙන් මෙම කාල පරිච්ජේදය තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු වල පවතින අඩුපාඩු, සංකූලතා, විෂමතාවන්, නේවාසික ලිපිනයන් වෙනස් කිරීම ආදී ගැටළු සහගත කරුණු නිරාකරණය කරගනිමින් පවති.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිය වගකීම් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සිය සහයෝගය ලබාදෙමින් සෑම විටම ද්විපාර්ශවික අවබෝධයෙන් හා සම්බන්ධීකරණයෙන් යුතුව පැනනැගී ඇති ගැටළු විසදිමට එක්ව කටයුතු කරයි.

වර්තමානය වන විට ලෙබනන්, දකුණු සුඩානය, මාලි, අබේ, නිව්යෝර්ක් නුවර, මධ්‍යම අප්‍රීකානු ජනරජය සහ බටහිර සහරා යන දේශයන්හි යුද නිරීක්ෂකයින්, සම්බන්ධීකරණ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, මාණ්ඩලික නිලධාරී සහායක හෝ සාමසාධක භට පිරිස් ලෙසින් සාමසාධක රාජකාරීන් සඳහා යොමුකරවන ශ්‍රී ලංකා භට පිරිස්වලින් වැඩිම භට පිරිස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරනු ලබයි. දැනට, එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව (UNDPKO) යටතේ ශ්‍රී ලංකා සාමසාධක භටයින් 450 ක පිරිසක් එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් 07 ක රාජකාරි කරනු ලබයි. (නිමාව)

Sports Shoes | Autres