Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2018 20:53:12 Hours

4 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීමට යුද්ධ හමුදා භට පිරිස්හි සහය

ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (Swami Vivekananda Cultural Centre) විසින් සංවිධානය කරනු ලැබු 4 වන ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව සැමරීම් උත්සවයක් සෙනසුරාදා (23) දින කොළඹ, නිදහස් චතුරශ්‍රයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහ ශ්‍රී ලංකා රාජ්‍ය සංස්කෘතික අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම යෝගා ආයතන වන අස්ථංක යෝගා මන්දිරය, සෙත්සඳ යෝගා නිකේතනය, හත යෝගා මධ්‍යස්ථානය, ඕම් කිරිය බබාජි යෝගා ආරන්‍ය, ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සංගමය, මානව විශීෂ්ඨත්ව ආයතනය, බ්‍රහ්ම කුමාරි රාජා යෝගා මධ්‍යස්ථානය, The Art of Living, AAYUSH, My Yoga Lounge සහ ශක්ති යෝගා පාසල - මඩකලපුව නියෝජනය කරමින් දහස්ගණනක් සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගරු ටැන්ජිත් සිං සඳු (HE Taranjit Singh Sandhu) විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදී මෙම වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම ඉන්දිය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝඩි විසින් විඩියෝ ඇමතුමක් මගින් එතුමන්ගේ පණිවිඩය විකාශය කරන ලදී.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යෝගා ආසන ගණනාවක් අනුගමනය කළ අතර, එහිදි, එතුමන්ගේ ශ්‍රී ලංකා යෝගා ආයතන සිය ස්තුතිය පුද කළහ.

මෙම අවස්ථාව අමතමින්, ඉන්දිය මහකොමසාරිස් ගරු ටැන්ජිත් සිං සඳු (HE Taranjit Singh Sandhu) යෝගා පිළිබඳ ලෝකය දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කල ඉන්දිය අග්‍රාමාත්‍ය තුමන්ගේ ක්‍රියාවලිය ඇගයුමට ලක් කළහ. “ශරීරය, මනස සහ ආත්මය ඒකාබද්ධ කිරීමේ යෝගා ක්‍රම මගින් සාමය ගෙන එයි. යෝගා මගින් ලෝකය, ජාතික, සමාජය සහ පවුල තුල සාමය ගෙන එයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මෙහිදි ඉන්දිය මහකොමසාරිස් තුමන් තවදුරත් අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සෞඛ්‍ය ගැටළු පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන බවත්, ගරු ජනාධිපතිතුමන්ගේ හා රට වැසියන්ගේ යහපැවැත්ම උදෙසා යෝගා සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමට නිරන්තර සහය ලබාදෙන බවට වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාව සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුුතු නිලධාරින් 5 ක් සහ සෙසුනිලයින් 100 ක් ඇතුළු වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන්, විද්වතුන් මෙන්ම සියලුම ආගම් සහ ජනවර්ග නියෝජනය කරමින් පුද්ගලයින් සහභාගි විය.

Adidas footwear | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp