Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd June 2018 14:59:12 Hours

ශ්‍රමදාන වැඩසටහන් මාලාවක් සඳහා කිලිනොච්චි භට පිරිස්හි සහය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 65 වන සේනාංකයට අයත් 652 සහ 653 වන බලසේනාවන්හි භට පිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් ජූනි මස 16 දින සිට 19 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව, 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 1 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කොඩ්ඩිකඩියාරකුලම් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

එමෙන්ම, 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි පාලිනගර් ක්‍රීඩාංගනය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.

jordan release date | Nike Air Max 270