Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd June 2018 19:29:32 Hours

යුද්ධ හමුදාව කඳවුරු අත්හරින බවට අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු නොකරන්

(මාධ්‍ය නිවේදනය)

උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද්ධ හමුදා කඳවුරු ඉවත්කරන බවට හා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව අඩුකරන බවට මහජනතාව අවුල් සහගත වන ලෙස නොමඟ යෑවීමට උත්සහ කරමින් ඇතැම් දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ හේතුවෙන් රටේ ජාතික ආරක්‍ෂාව තර්ජනයට ලක් කර ඇත.

ඇතැම් පුද්ගලයින් ඔවුන් රටේ සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයින්ට වඩා දේශප්‍රේමීන් බව පෙන්වීමට කටයුතු කරන අතර අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් පෙන්වීමට උත්සහ කරන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් යුද්ධ හමුදාව මේ වන විට ක්‍රියාත්මක කිරිමට අදහස් කර නැත. එබැවින්, එම ප්‍රකාශය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්‍ෂ්ප කරනු ලබයි.

උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි කිසිඳු කඳවුරක් ඉවත් කිරීමකින් තොරව යුද්ධ හමුදා සාමාජිකයින් ඒකාබද්ධ වෙමින් අනාගතයේ දී ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකිවන අයුරින් මූලෝපායික හා මෙහෙයුම් මට්ටමින් සෑමවිටම සිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කැපවී සිටී.

මෙහි සෑබැ සත්‍යය නම්, සිවිල් සමාජයේ බොහෝ පිරිසකට යුද්ධ හමුදාව තුල ව්‍යවහාරයේ යෙදෙන ඒකාබද්ධ කිරීම / සටන්කාමී කාර්යක්ෂමතාවය වැනි ඇතැම් කරුණු පිළිබඳ අවබෝධයක් නැත. එසේම, යුද්ධ හමුදාවේ වාර්ෂිකව බඳවා ගැනීමේ සැලසුම අනුව 2018 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට නිලධාරීන් 213 ක් හා සෙසු නිලයින් 8631 ක් ද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට නිලධාරීන් 97 ක් හා සෙසු නිලයින් 4252 ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර ගණනාවකට පසුව මව්බිමට සාමය ගෙන එමින් ප්‍රීතිමත් කාල පරිච්චේදයක් උදාකරදුන් අතර, රටේ ජාතික ආරක්‍ෂාව සුරක්ෂිත කිරීම සඳහා අන් කවරෙකුටත් වඩා දිවිහිමියෙන් කැප වී සිටියි. එබැවින් යුද්ධ හමුදාව පිළිබඳ ප්‍රසිද්ධියේ සමච්චල් කරමින් බොරු ප්‍රචාර හා ව්‍යාජ තොරතුරු ලබාදෙමින් මහජනතාව නොමඟ යෑවීමට උත්සහ නොකරන ලෙස සියලු දේශප්‍රේමින්ගෙන් ඉල්ලා සිටිමි. (නිමාව)

latest Running Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp