Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2018 19:38:12 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාව්‍ය නිර්මාණ එළිදැක්ම කොළඹ දී

මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂාය කිරීම සඳහා අප්ප්‍රතිහත කැප කිරීමක් සිදුකල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක කාව්‍ය හැකියාවන් එළිදක්වමින් ‘බංකර් කුරුටු ගී’ ප්‍රදර්ශනය සෙනසුරාදා (30) දින කොළඹ 02 පිහිටි ආරක්ෂකක සේවා විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.

ආර්යා පදනම විසින් සංවිධානය කරනු ලබන රණවිරුවන් අතින් ලියවූණූ ලොව ප්‍රථම කරුටු ගී ප්‍රදර්ශනයේ දී වර්ෂ 2009 මැයි මාසයට පෙර, එනම් මානුෂීය මෙහෙයුම් කාලය තුල දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි සේවය කරමින් සිටි යුද්ධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ ආශාවන් හා සිතුවිලි පිළිබිඹු කරමින් ලියවු සෞන්දර්යාත්මක කාව්‍ය නිර්මාණයන් මෙහිදි ප්‍රදර්ශනය කෙරේ.

මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා‍ කරමින් උත්තරීතර කැප කිරීමක් සිදු කල නාඳුනන සොල්දාදුවන් හට උපහාරයක් ලෙස සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මගින් ‘දේශප්‍රේමීන්ගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් රටේ ඉතිහාසය ආරක්‍ෂා කිරීමට’ අරමුණු කරයි.

ජුනි 30 දින පෙ.ව. 10.00 ට ආරම්භ වන මෙම ප්‍රදර්ශනය එදින සන්ධ්‍යාව වන තෙක් මහජනතාව වෙනුවෙන් විවෘතව පවතියි.

Sports Shoes | Nike Shoes