Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2018 13:22:33 Hours

641 වන බලසේනාවේ භට පිරිස් ඒකක වගා තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගනි

‘අපි වවමු - රට නගමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව මුලතිව් දිස්ත්‍රික් කෘෂිකර්ම හා පශූ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ පූර්ණ සම්බන්ධිකරණයෙන් පැවැත් වූ ඒකක වගා තරඟාවලිය සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, ඒකක සහ ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු සියලුම භට පිරිස් දැඩි උනන්දුවකින් සහභාගි විය.

මෙම තරඟාවලියට ධනාත්මකව සම්බන්ධ වූ 614 වන බලසේනා මූලස්ථානය ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර, පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 6 (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකාය විසින් හිමි කරගනු ලැබීය.

කෘෂිකර්ම හා පශු සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොඳම වගා ගොවිපල තෝරාගැනීමේ විනිසුරුවන් ලෙස කටයුතු කළ අතර අදාල සෙබලුන් සහ නිලධාරීන් සමඟ එම ගොවිපලවල් පරික්ෂා කිරීම ද සිදු කළහ.

මෙම වැඩසටහන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත පසුගිය වසරේ අගභාගයේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස්හි සහයෝගය ඇතිව ආරම්භ කරන ලදී.

මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් හට මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් සී.එස්. ඇටිපොළ ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (18) දින පැවැති සරල උත්සවයකදී ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, 641 වන බලසේනාවේ බලසේනාධිපති, මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන, අණදෙන නිලධාරිවරුන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය.

Buy Sneakers | FASHION NEWS