Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2018 16:08:50 Hours

යුද්ධ හමුදා භට පිරිස් කුලියාපිටිය ප්‍රදේශයේ ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සලසයි

කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලියාපිටිය, මීගහකොටුව, පහළ පිදුම සහ පහත් අම්බාව යන ප්‍රදේශයන්හි අඟහරුවාදා (19) දින උදෑසන ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 143 සහ 532 වන බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 40 කට වැඩි පිරිසක් කඩිනමින් යොදවනු ලැබීය.

යුහුසුළුව ක්‍රියාත්මක වූ භට පිරිස්, කුරුණැගල සහ කුලියාපිටිය ප්‍රදේශයේ අද උදෑසන 2.00 ට පමණ හදිසියේ ඇතිවූ සූළි සුළං තත්ත්වය හේතුවෙන් විදුලි කණු සහ අනෙකුත් දේපලවලට හානි කරමින් කඩා වැටුණු ගස් කපා ඉවත් කරමින් පීඩාවට පත් ජනජිවිත නැවත යථා තත්ත්වයට පත් කරලීම සඳහා කටයුතු කළහ.

වාර්තාන්ට අනුව, ඇතිවූ සුළි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 21 සහ ආයතන 12 කට බරපතල අලාභහානි සිදුව ඇති අතර, අවදානම් ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට කඩිනමින් වාසස්ථානයන්ගෙන් ඉවත් වන ලෙස ද දැනුම් දී ඇත. මෙම සුළි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුරුදායක ගස් කපා දැමීමෙන් පසුව කුලියාපිටිය නගරයට පිවිසෙන මාර්ගයන් කිහිපයක් ද අවහිර වී තිබේ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් මෙන්ම 532 වන බලසේනාවේ භට පිරිස් ද යුහුසුළුව ක්‍රියාත්මකවී පිඩාවට පත් ප්‍රදේශයන්හි ජනජිවිත යථා තත්ත්වයට පත් කරදීමට කටයුතු කළහ.

143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පාලිත පෙරේරා, භට පිරිස් සමඟ එක්ව පිඩාවට පත් ප්‍රදේශයන්හි අවතැන්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ආධාර උපකාර සපයනු ලබයි.

latest Running Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov