Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2018 09:48:16 Hours

දැයෙන් සමුගත් බළලත් නිලධාරි I වෙත යාපනයේ දී යුද්ධ හමුදා ගෞරව

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ වසර 22 කට වැඩි සේවාකාලයක් සම්පුර්ණ කර විශ්‍රාමව සිටියදි දැයෙන් සමුගත් බළලත් නිලධාරි I ෂන්මුගසුන්දරම් වෙත සඳුදා (18) දින සන්ධ්‍යාවේ නාවල්අඩි, තෙලිප්පලෙයි හිදී යුද්ධ හමුදා සම්ප්‍රදානුකූල අවසන් ගෞරව පුදකරන ලදි.

නාවල්අඩි, පන්නලි, තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි මෙම විශ්‍රාමික බළලත් නිලධාරි, 2009 මැයි මාසට පෙර පැවති අවසන් මානුෂීය මෙහෙයුමට ද දායකත්වය දක්වා ඇති අතර, පසුගිය සෙනසුරාදා දින අභාවප්ප්‍රාප්ත වනවිට හෙතෙම 72 වන වියේ පසුවිය.

යාපනය විශ්‍රාමික රණවිරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු වූ බළලත් නිලධාරි I එස්.ෂන්මුගසුන්දරම් 1968 ක් වූ නොවැම්බර් මස 15 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත බැඳි විශ්‍රාම යන විට බළලත් නිලධාරි I තනතුරේ සේවය කළහ. සිය යුද්ධ හමුදා දිවිය තුල ඉටුකලා වූ විශිෂ්ඨ සේවය අගයමින් පූර්ණභූමි පදක්කමෙන්, සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කමෙන්, ජනාධිපති පදවිප්‍රාප්ත පදක්කමෙන් සහ සන්නද්ධ සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

මෙම මරණය සිදුවීමත් සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් විශ්‍රාමික රණවිරුවන්ගේ සංගමයේ සාමාජිකයින් ගේ සහයෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය දැනුවත් කරන ලදි. එවකට වත්මන් යුද්ධ හමුදාධිපති, යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරේ රාජකාරි කළ කාලයේ දී (2017 ජූලි මාසයට පෙර) මෙම විශ්‍රාමික රණවිරුවන්ගේ සංගමය පිහිටුවන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු හමුදා සම්ප්‍රදානුකූලව සංවිධානය කළ අතර බළලත් නිලධාරි I එස්.ෂන්මුගසුන්දරම් ගේ දේහය මත ජාතික ධජය තබා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භට පිරිස්ගෙන් සැඳුම්ලත් අවමංගල පෙරහැරකින් සුසාන භූමිය වෙත කැටුව යන ලදී.

මේ පිළිබඳ සැලවූ වාහාම යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් අවමංගල්‍ය නිවසට පැමිණ තාවකාලික මඩු, අවශ්‍ය උපකරණ සහ පුටු ඇතුළු සියළු පහසුකම් සපයනු ලැබීය. එමෙන්ම, අභාවප්ප්‍රාප්ත විශ්‍රාමික බළලත් නිලධාරි තුමන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල යුද්ධ හමුදා භට පිරිසක් පසුගිය දින තුනේම අවමංගල්‍ය නිවසට පැමිණියහ.

Adidas shoes | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth