Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2018 09:05:55 Hours

බටහිර ආරක්‍ෂක සේනාවේ භට පිරිස් පාගොඩ, හංවැල්ල ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සහය වේ

හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කුඩළුවිල තුන්නාන බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් ශ්‍රම දායකත්වය ලබාදුන්හ. ඒ අනුව, නවතමයෙන් ඉදිකරන ලද බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ විශේෂ ආගමික උත්සවය සෙනසුරාදා (09) දින බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම විවෘත කිරීමේ උත්සවය රාමඤ්ඤ මහා නිකායේ අති පූජනීය අනුනායක මට්ටක්කුලිය වික්‍රමාරාධිපති මාතලේ ධම්ම කුසල අනුනායක ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබීය.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් පසුගිය මාස කිහිපය තුල මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන්හ.

මෙම ආගමික උත්සවය සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ජිනේන්ද්‍ර තන්තිරිවත්ත, 10 (ස්වේච්ඡා) ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්.ටී.පී. කුමාරසිරි, දෙවන අණදෙන නිලධාරි මේජර් ඒ.ඒ.ජි.පී. බණ්ඩාරවත්ත සහ තවත් යුද්ධ හමුදා නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය.

මෙහිදි යුද්ධ හමුදාව වෙත සිය ස්තුතිය පුද කරමින් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා දැක්වු දායකත්වය අගය කලහ.

bridgemedia | Air Jordan Sneakers